(ක.ග. කරුණාරත්න සහ කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ විදුලි උත්පාදනය ආරම්භ කිරීම අත්හදා ලැබීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) ජලය මුදා හැරිණ. ජනාධිපතිවරයා එහි පරිගණකයක් ක්‍රියාත්මක කරමින් විදුලි බලාගාරයට ජලය මුදා හැරීම ආරම්භ කළේය.
විදුලි බල උත්පාදනය අත්හදා බැලීම සඳහා එක දිගට පැය 72ක් ජලය මුදාහැරීමට නියමිතය.
විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන ජලය අඹන්ගඟ සහ ඇළහැර ඇල ඔස්සේ පරාක්‍රම සමුද්‍රය ඇතුළු රජ රට වැව් රැසකට ගමන් කරයි.
ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස හමුවේ පැවැසුවේ මෙම සුන්දර මොහොත දැකීමට තමන් සිහින දකිමින් සිටි බවයි. මොරගහකන්ද ජලාශයේ මේ වන විට ජල පරිමාව අක්කර අඩි 3,20,000 දක්ව ඉහළ ගොස් තිබේ. එය පරාක්‍රම සමුද්‍රයේ මුළු ධාරිතාව මෙන් තුන් ගුණයකි.
ක.ග. කරුණාරත්න













ඡායාරූප කාංචන කුමාර ආරියදාස
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට මහින්දගේ කාලේ මොනවත් කරලා නැහැ. හොරකම් කරපු එක විතරමනේ.
මට මහින්දවත්, මෛත්‍රිවත් වැඩක් නැහැ. හැබැයි මහින්ද කරපු අතරමග නතර කරපුවා කලේ නැත්නම් කෑගහනවා සංවර්ධනේ නැවතිලා... මහින්ද හොරකම් කරගෙන හරි සංවර්ධනේ කළා කියලා. කරලා ඒවා හොඳ තත්වයට අාවට පස්සේ ආයේ කෑ ගහනවා. මහින්ද හදපුවා විවෘත්ත කරනවා කියලා. තේරෙන්නේ නැහැ මේ ලොජික්. හැමදේමට දේශපාලනේ ගාවගන්න මෝඩ මිනිස්සු ඉන්න රටක් වෙලා මේක දැන්. මලාට රට දියුණු වෙන්නෙත් නැහැ. කෑ ගහන අය දියුණු වෙන්නෙත් නෑ.
රට ආලෝකමත් කරන, රටේ ගොවිජනතාවගේ සිත් ප්‍රබෝධමත් කරන සුන්දර මොහොතක්! ඔබට දැන් සතුටුද ?
මේක මුලින්ම පටන් ගන්න හැදුවේ 1950. සිරිමාවෝ මැතිණිය මේක 70 ගණන්වල හදන පටන්ගන්න කොට ආණ්ඩු පෙරළුණු නිසා බැරිවුණා. 2007 මහින්ද මහත්තයා පටන්ගන්න හැදුවේ 11 වෙනි වතාවට. එ්කත් වැඩිපුර දකුණු පළාතට කරපු නිසා ප්‍රමාද වුණා.
මෙවන් උසස් වාරි කර්මාන්තයක් ඉදිකරලීමට වූ දායකත්වයට ලැබෙන මානසික සුවය ඉතා වටිනවා. ජනාධිපතිතුමාටත් පෙර රජවරුන්ට දැණුන සතුට සහ සුවය දැනෙනවා නියතයි.
මේවා අත්හදා බලනවාට වඩා හිටපු හොරුන්වයි, ඉන්න හොරුන්වයි ඉක්මනින් සිර ගෙවල්වලට යැව්වොත් යම්තම් ජාම බේරාගැනීමට හැකිවේවි!!! බණ්ඩාරනායක නාමයට යම් ගරු කිරීමක් තිබේ නම් යායුතු ගමනක්ද ඇත. එය හොරු සමඟ දීග කෑමක් නොවේ. අන්තවාදීන් නොවන නීතිගරුක ජනතාවගේ අපේක්ෂාව අත්හදා බැලීමට මෙතුමාට පුළුවන. මෙතුමා තමන්ගේ ගෞරවය රැක ගන්නා දේශපාලකයෙක්ද යන්න අනාගතයේ අපි බලා සිටිමු.
මේ රටේ දුප්පත් ජනතාවට දියවර ලැබෙන තවත් යෝද ජල ව්‍යාපෘතියක එක් පරිච්ඡේදයක් ආරම්භ වී තිබේ. එි ආරම්භය කවුරැන් කළ ද අවසානය කවුරැන් ක ද නුපන් පරපුරක් මෙහි ප්‍රතිලාභ ලබන්නෝ වෙති. මේ ජලයේ කිිසිදා නිල් හෝ කොළ රතු වර්ණයක් දැකිය නොහැක. ඇත්තේ රටේ ජීවනාලිය සදහා එක්වන රන් දියවර පමණි. පටු දේශපාලන අරමුණු ඉවත ලා මේ රටේ අහිංසක ජනතා අවශ්‍යතාවක් වෙනුවෙන් කටයුතු කල ජනපති තුමණි ඔබට පිං...............
මෙතුමා හරි උගත් නිසා මේවා ගැන හොයල බලන්න යනවා...
මොනිටර් එක දිහා බලාගෙන ඡන්දෙ ප්‍රතිඵල ගනින්න ලැහැස්තිවෙනවා වගේ මට පෙනෙන්නේ. එකක ලොකුවට පෙනෙන්නේ කොළ පාට නේද?
පවතින රජය අපගෙන් බදු එකතුකරන්වනේ එහෙනම් රට සංවර්ධනය කරන්න ඕනි.... එක මොන ජනාධිපතිද කියල එකක් නෑ.... පහුගිය රජය අරක කර මේක කරා කියන්නේ එයාලා ගෙදරින් ගෙනල්ලා නෙමෙයි රට සංවර්ධනය කරේ....... ජනතාවගේ බදු මුදලින්. ඔය කියන මහ හොරු හරියට බදු ගෙවනවද කියල හිතට එකගව සිතන්න....
මේකත් මහින්දගෙ කාලෙ වැඩ ආරම්භ කරපු එකක්
මහින්ද ජනපතිතුමා ගොඩක් දේවල් ආරම්භ කළා. නමුත් ඉවරකරේ නැහැ. ඉවරකරන්න කලින් ඒවායේ මුදල් වලට පවුල් පිටින් වැඩේ දුන්නා.
මවුස් එක බලාගෙන ඉන්න කොම්පියුටරේ එ්කමද?