
(සුමිත් පොතුපිටිය)
බ්‍රිතාන්‍ය යුවළක් සිංහළ සංස්කෘතියට අනුව කළුතර කටුකුරුන්දේ දී යුග දිවිය ඇරැඹූහ.
එංගලන්තයේ ලෙස්ටසයර් ප්‍රාන්තයේ පදිංචි 56 හැවිරිදි Rupert Julian සහ 53 හැවිරිදි Nicky Jane නැමැති යුවළ මෙසේ විවාහ ගිවිස ගත්හ .
උඩරට නර්ථන ශිල්පීන් පෙරටු කරගනිමින් කන්ද විහාරයේ කුමාරි හස්තියාගේ පිටින් යුවළ හෝටලයට පැමිණියහ .
සිංහළ චාරිත්‍ර වලට අනුව ජයමංගල ගී ගයද්දී පෝරුවේ චාරිත්‍ර සිදුකර විවාහ ගිවිස ගත්තේය .
කළුතර කටුකුරුන්ද වෙරළ ආසන්නේ පිහිටි සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයට දෙස් විදෙස් සමීප හිතවතුන් කිහිප දෙනෙක් සහභාගි වී සිටියහ.
කොරෝනා වසංගතයෙන් පසු ලංකාවේ පැවැත්වෙන පළමු විදෙස් විවාහ මංගල උත්සවය බව සදහන් වේ.
ලංකාවේ තත්ත්වය හොදයි සංචාරයට එන්න ආරාධනා කරන බව Rupert Julian මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුවක්ද කොරෝනා වසංගතෙන් පස්සේ විශාල විදේශික ජෝඩු සංක්‍යාවක් ලංකාවේ කසාද බැන්දා බොරුනම් රෙජිස්ටර් කාර්යාලයෙන් විමසා බලන්න.
න්සලේ ඇතා පිට නැංවීම සුදුසු නෑ. අද ඉන්දියාවේ ඇතුන් පිට යාම කාටත් තහනම්.
ඔබ එකට නව ජීවිතයක් ආරම්භ කරන විට ඔබගේ මංගල දිනයේ ප්‍රීතිය, ආදරය සහ සතුට ප්‍රාර්ථනා කරමි.
බංකොළොත් රටේ කසාද බැඳලා අන්තිමට කසාදෙත් බංකොළොත් වෙයිද මන්දා..?