
(කාංචන කුමාර ආරියදාස)
සම්පූර්ණ සියයට සියයක් කාබනික පොහොර යොදා වගා කිරීමට නොහැකි බවට බොහෝ දෙනා පවසද්දී සියයට සීයක් කාබනික පොහොර යොද් සාර්ථක ආදර්ශමත් ගොවිපලක් ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ පිහිටා තිබේ.
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ 2010 වසරේ මෙම ආදර්ෂ ගොවිපල ස්ථාපිත කොට ඇත. මේ වන විට එහි කාබනික පොහොර යොදා ගෙන වගාවන් සිදුකරයි.
කාබනිකව වගා කර ගන්නේ කෙසේ දැයි යන්න ඕනෑම අයකුට දැක බලා ගැනීමට හැකි බව ගොවිපල කළමනාකරු යු.වී . සරත් චන්ර්ද්‍ර රත්න මහතා පැවසීය.
එක් සේවකයකු යොදාගෙන ඔහුගේ වැටුප් පමණක් වියදම ලෙස දරා මසකට අක්කර භාගයක පමණ වූ ආදර්ශ ගෙවතු වගා භූමියෙන් රුපියල් තිස් දාහක් තිස්පන්දහක් අතර මුදලක් උපයා ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.
මෙම අක්කර භාගයක ආදර්ශ ගෙවතු වගාවේ ස්ථිර බෝග මෙන්ම දීනපතා අවශ්‍යතා සහිත බෝග ආදී වශයෙන් වෙන් වෙන් කොට ඉතාමත් අලංකාරව තනිකරම සියයට සියයක් කාබනික පොහොර යොදා ගෙන එමෙන්ම ඉර හද සහ කාලය පිළිබඳව නිසි අවබෝධයෙන් යුතුව වගා කිරීම සිදුකර ඇතැයි කළමනාකාරවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම ආදර්ශ ගොවිපොළේ තවත් සුවිශේෂී කටයුත්තක් වන්නේ ගැඩවිල්ලන් යොදාගෙන පොහොර නිපදවා ගැනීමය . ගව මුත්‍රා එළු මුත්‍රා ආදී සත්ව පෝර ද මෙම ගොවිපළෙන් නිෂ්පාදනය කර ගැනීම තවත් සුවිශේෂී වූ කරුණකි.
පසුගිය කාලයේ අක්කර කාලෙන් පංගුවක් කහ වගා කොට රුපියල් ලක්ෂ හතහමාරක පමණ ආදායමක් පෙන්වා දීමට සමත් වූ බවද ගොවිපල කළමනාකාරවරයා දැඩි සතුටෙන් යුතුව ප්‍රකාශ කළේය.
මේ මේ දිනවල මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කරන ලද ගුරුවෙල නව ආදර්ශ ගොවිපළේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රමවේදය යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම ස්ථානය ඕනෑම අයෙකුට නරඹා අත්දැකීම් ලබාගෙන තම ගොවිපළේ ගෙවත්තේ කාබනික පොහොර නිපදවා ගැනීමට හැකියාව පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.
බොහෝ දෙනා වම්බටු බණ්ඩක්කා ආදී පණුවන් සහ විවිධ රෝග කඩිනමින් එන එළවළු වගා කොට තිබේ. ගොවිපල කළමනාකරු චන්දරතන මහතා කියා සිටියේ මෙම පණුවන් සහ කෘමින්ගෙන් හානි වන වගාවන් ඉතාමත් සාර්ථකව සිදු කොට ඇත්තේ විනාසකාරී කෘමීන්ට අහිතකර සතුන් විනාශ නොකෙර ගොවිපලේ තබාගැනීම නිසාවෙන් බවය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දේ ට කලින් "බෑ " ලෙස පටන් නොගෙන. පරීක්ෂණ දැනුම අපේ ගොවිතැනට යොදාගනී නම් අප මිට වඩා ඉහල තැනකට යනු ඇත .
හැම ගොවියෙක්ටම අක්කර ගණන් ඉඩම් තියෙනවද? ජීවිතේට වගාවක් නොකළ මනුස්සයෙක්ට නිවුස් එකක් ලියන්න පුළුවන්. ඒත් හැමෝටම කාබනික පොහොර හද හද ඉන්න හැකියාවක් නෑ. එක්කෝ කාබනික පොහොර ගන්න තැනක් තියෙන්න ඕනෑ. දැන් වම්බටු වගාවට වෙලා තියෙන හානිය ආවොත් පෙන්නන්න පුළුවන්. ලොකු ගෙඩි පිරිලා තිබුණු ගස් දැන් විනාශ වෙලා තියෙන්නේ. පිටි මකුණා ඉඳන් සත්තු එක පොකුරට එන්නේ. රසායනික පොහොර ගෙන්වන එක නැවැත්තුවාට කමක් නෑ. ඒත් විකල්පයක් දෙන්න ඕනෑනේ. හොඳ දේවල් දකින එක හොඳයි. ඒත් දහස් ගණනක් වගාවන් විනාශ වෙලා ඉඳිද්දී ඒවා ගැනත් කතා කරන්න. තවත් මාස 4 කින් 5කින් බලන්නකෝ... මේ රටට එළවළු, පලතුරු රටින් ගෙන්වන්න වෙනවා. මොන දේශපාලකයෙක්වත් මේවා දකින්නේ නෑ. ඔක්කොම එකයි. ලංකාවේ මිනිස්සුන්ගේ කරුමය තමයි...
ඔබතුමාගේ වගාවන් තවතවත් දියුණුවේවා...!!!
රබර් ,තේ වගාව සහ අනිකුත් බෝග වර්ග වානිජ මට්ටමෙන් වගා කරද්දි කොහොමද කියල කියන එකට උත්තරයක් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ..ගොබ්බ ඇමතියන්ට සහ නිලධාරීන් තේරුම් නොගන්නෙත් එයමයි.කාබනිකව වගා කරන්න බෑ කියල කිසිම ගොවියෙක් කියල නෑ..මෙතන කිසිම දේශපාලනයක් නෑ..
ඕනෑම දෙයක් තමන් වැඳ නමස්කාර කරගෙන ඉන්න දේශපාලන පක්ෂයෙන් නෙවෙයි නම් ඒක වැරැදියි. අන්න එතනයි වැරදුණු තැන... ලංකාවම කාබනික පොහොර වගාවට යා යුතුයි. ලෝකයේම ඉහළ ඉල්ලුමක් තියෙනවා ඒ ඵලදාවට...
මෙතන තියෙන එළවළු වර්ග වලට නම් විශේෂයෙන් පෝර ඕනේ නෑ තමයි. මේ වල් මිරිස් එහෙම නිකන් කැලේට වැවෙනවා. තුඹ කරවිල කැලේ වැවෙන්නේ..
බයියෙක් සොයාගිය ගමනක්... මේක 2010 ඉඳන් කරගෙන යනවා. අනිත් එක අක්කර භාගයයි.. මහාපරිමාණව කරන අයට මෙහෙම එක පාරටම කරන්න බෑ..
ගොවියෙකුගේ මුහුණට වඩා බයියෙකුගේ මුහුණක් තමයි මට නම් දිස් වන්නේ. අපිට මේ ගෙදර මල් පැලයක් වවා ගන්න බැහැ ඉටි පනුවෝ වහනවා. පුදුමේ කියන්නේ බයියන්ගේ ගොවිපොළවල් වලට පනුවොත් එන්නේ නැති එකනේ?
තම තමන්ගේ ගෙවතු වගාවට කාබනික පොහොර පාවිච්චි කරන්න පුළුවන් නේද? මගේ ගෙදර මිරිස්, බණ්ඩක්කා, තුඹ, බතල, වම්බටු ආදී විවිධ වගාවන් කරන්නේ එහෙමයි. පෝච්චිවලත් ඉතා හොඳින් මිරිස්, බණ්ඩක්කා, වම්බටු, තුඹ වගේ ඒවා හදන්න පුළුවන්... ගෙදර ඉන්න අයට ප්‍රමාණවත්...
කාබනික නයිට්‍රජනීය පොහොර භාවිතය වැඩි දියුණු කිරීමට උත්සාහ ගන්නා පුද්ගලයින් නයිට්‍රජන් චක්‍රයේ මූලික කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. සමහර කාබනික පොහොර නිපදවීමට ගන්නේ ද රසායනික පොහොර යොදා වගාකළ ද්‍රව්‍යයි. රසායනික පොහොර නොමැතිව කාබනිකව පමණක් නයිට්‍රජන් තිරකිරීම ඉල්ලීමට ප්‍රමාණවත් නොවේ. මන්දයත් ගැටලුවක් විසඳිය හැකිවන්නේ ගැඹුරු විද්‍යාත්මක කරුණු මගින් මිස අපැහැදිලි තර්ක, සනාථ කළ නොහැකි සාධක හෝ ප්‍රතිනිර්මාණය කළ නොහැකි පර්යේෂණ මගින් නොවන හෙයිනි.
උත්සාහයත්, ඕනෑකමත්... තියෙනවා නම් අපිට කරන්න බැරී දෙයක් නැහැ.. පුලු පුලුවන් විදියට අපිත් වැව්වොත් ඒකෙන් ප්‍රයෝජනේ අපිටමයි...
අක්කර භාගයක්, ආරම්භය වසර 2010 දී. ඔව් මුලුමනින්ම කාබනික වගාවට හුරුවන්නට සැලකිය යුතු කාලයක්.
ගෙවත්තක් වගාකළාට කාබනික පොහොර වලින් වාණිජ වගාවක් කරන්න බෑ... එදාවේල හොයාගන්නත් අමාරුයි..