
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි.
බලාගාර කළමණාකාර නාලක විජේකොන් මහතා පවසා සිටියේ මේ වන විට බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වි ඇති බවයි.
ඒ අනුව මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණේන නැව් වලින් දෛනිකව ගල් අගුරු ගොඩ බැම සිදුවන ආකාරය දැක ගත හැකිය.
එසේ ගොඩ බැම සිදුවන ගල් අගුරු බත්තල් මගින් ලක්විජය බලාගාර භුමියට රැගෙන ඒමට කරන බව බලාගාර නිළධාරියකු පැවසිය.

COMMENTS
ගත්ත IMF ණයවලින් මේවා ගන්න ඇත්තේ...!
ටොන් හාර ලක්ෂයක් කියන්නේ මාස 3ක විතර ගල්අඟුරු ප්‍රමාණයක්නේ...