(තිලකරත්න දිසානායක, රංජිත් රාජපක්ෂ)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකයින්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ කිහිපයක කාර්ය මණ්ඩල විසින් අරඹා තිබු වර්ජනය හේතුවෙන් අද (8) දිනයේද මගීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවී ඇත.
දුම්රිය ස්ථානය සහ ප්‍රවේශපත් කවුළු වසා තිබු ආකාරයක් ගම්පහ දුම්රිය ස්ථානයේ දැකගත හැකිවු අතර වෙනදා මෙන් නොව දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගීන්ගේද අඩුවක් දක්නට ලැබිණි. මේ අතර ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරීන්ද යොදවා සිටි ආකාරයක්ද පෙනෙන්නට තිබිණි.
මේ අතර හැටන් දුම්රිය ස්ථානයේ ප්‍රධාන පාලක මැදිරිය අද මුද්‍රා තබා තිබෙනු දැකිය හැකි විය.
වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව, මරදාන ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන සියල්ලක්ම පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකිය.





(ඡායාරූප - තිලකරත්න දිසානායක)




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට කොන්ද පන නැති එකේ විපාකේ ගෙවන්නේ මහජනතාව .. රජයට උන පාඩුව ගෙවන්න වෙන්නෙත් අපිටමයි...
වර්තමාන රජයට රටේ තිබෙන අවශ්‍යතා, ගොඩින් විසඳිය යුතු දේවල් මෙලෝ දෙයක් දන්නේ නැහැ. ළඟදී ඉන්දියානු සංචාරයට ගිය ක්‍රීඩකයෝ ගුවන් යානාවෙන් ගොඩ බැස්සුවා. සයිටම් එක උපරිම ඇද ගෙනම ගියා. පළාත් පාලන මායිම් තීරණයත් එහෙමයි. උතුරු නැගෙනහිරේ කොටි මහවිරු උත්සවය මහා ලොකුවට සැමරුවා. පසුව ආරක්ෂක රාජ්‍ය ඇමති කිව්වා මහවිරු සමරු අයව අත්අඩංගුවට ගන්නවයි කියලා. සිවාජිලිංගම් අභියෝග කළා. අපි මහවිරු දින සමරනකොට දකුණේ කෝප වේවි කියලා, නමුත් අපි සමරනවයි කිව්වා. අද සිවාජිලිංගම් සහ විග්නේශ්වරන්ට රටේ නීතිය බල පාන්නෙම නැහැ. මේ සේරටම උඩින් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යංශයට කෝටි ගණන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.
දුම්රිය පාඩු ලබනවාලු, මගීන් රහිත හිස් මැදිරි (පෙට්ටි) ටොන් ගණන් බර යකඩ ගොඩවල් ඩීසල් පුච්චගෙන ඇදගෙන යන දුම්රිය ගණනාවක් දුර පළාත් වලදී දැක ගන්න පුළුවන්. බොහොමයක් මගීන් දන්නේ නැහැ දුම්රිය කාල සටහන ගැන, දැන් දුම්රියක් තියෙනවද? තමන් යන්න බලාපොරොත්තු වෙන දුම්රිය දැන් තිබෙන්නේ කොතැනද? තමන් සිටින දුම්රිය ස්ථානයට ළඟාවෙන්න කොපමණ කාලයක් යනවද? සෑම දුම්රිය ස්ථානයක් ඉදිරිපිටම ඩිජිටල් පුවරු සවි කල හැකියි. නිතර යාවත්කාලීන වෙන විදිහේ, දුම්රිය ස්ථානය ප්‍රධාන මාර්ගයට දුරින් තියෙනවා නම් ප්‍රධාන මාර්ගය අසල එය ප්‍රදර්ශනය කල හැකියි. එමගින් දුම්රියේ ගමන් ගන්න මගීන් ප්‍රමාණය වැඩි කර ගත හැකියි. එවිට ලාබ ලබන ආයතනයක් වේවි!!! සේවකයන්ට හොඳ වැටුප් දීමනා ගෙවන්න පුළුවන් වේවි. සර්පයාගේ ඔලුවෙන් අල්ලන්නේ නැතුව වලිගෙන් අල්ලන් මේ කරන විකාර දැක්කම අපි තාමත් ගල් යුගයේ ඉන්නවා වගේ දැනෙනවා.
දැන් දිගුකලක සිට මාසෙට දින කීපයක් මගී ජනතාව අපහසුතාවයට පත්කරන මේ කුහක සේවකයින්ටත් පාඩමක් උගන්වමින් හැමදාමත් පාඩු ලබන දුම්රිය සේවය සදහටම වසාදමන්න. දැන් ආණ්ඩුවට හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා. දින දෙකක් ඇතුළට නැවත සේවයට නොපැමිණියොත් දුම්රිය සේවය සදහටම අහෝසි කරන්න. සේවකයන් සේවය අතහැරගියා සේ සලකා ලංගම බස් රථ වැඩිකරන ගමන් තමන්ට කැමති වාහනයක් මිලදී ගැනමට පහසු වනසේ යතුරුපැදි, කාර්, වෑන් හා බස් රථ වලට අයකරන බදු වසරක් යනතුරු සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න. 3% වැනි වාර්ෂික සහන පොලියක් මත වාහන මිලදී ගන්න ණය ලබාදෙන්න. වෑන් රථ මිලදී ගැනීමට සේවකයන් දිරිමත් කරන්න. එවිට එක්කෙනෙකුට පුළුවන් තව කීපදෙනෙකුට ගමන් පහසුව සලසා ඉන්ධන වියදමත් සොයාගන්න. දුම්රිය ස්ථානවල ගොඩනැගිලි රජයේ කාර්යාල ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන්... දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වෙනත් ඵලදායක සේවා සඳහා යොදන්න.
දුම්රිය දෙපාර්තමේන්තුවට කල පාඩුවට වගකිවයුතු පුද්ගලයන් සොයාබලා ඔවුන්ට දඬුවම් කලයුතුය. ප්‍රසාද දීමනාව ඇතුළු සියලු දීමනා කපා හැරිය යුතුය.
ඉහත අදහස් දමා ඇති තුෂාර මහතා වැනි අය කිහිපදෙනෙක් පරිපාලනය කලානම් ඉන්දියාවේ මෙන් දියුණු දුම්රිය සේවයක් කරන්න තිබුණා. කරුමෙට මෙහෙ ඉන්නේ නිකම් වැඩක් නැතිව පඩි ගන්න අය... ටිකට් ගන්න ගියාමත් ඒ අයගේ සද්දේ බලන්න ඕනේ. එක ස්ටේෂන් එකක වැඩ කරන්න විස්සක් විතර. මෙව්වා වහාම පුද්ගලීකරණය කලයුතුමයි. මැලේසියාවේ එහෙම කලා, දැන් දියුණුව සහ මගීන්ට ලාභදායි සේවයක් ලැබෙන හැටි ගිහින්ම බලලා දැනගන්න.
වඩා හොඳ සේවාවක් ලබා ගන්න පුද්ගලීකරණය කරන්න ඕනේ නැහැ. පුද්ගලීකරණය කරත් මේවා කරන්නේ මිනිස්සු, රජයෙන් කරත් කරන්නේ මිනිස්සු. හැබැයි කරන ක්‍රමේ තමයි වෙනස්. ඒ කියන්නේ සිස්ටම් එක. ඉතින් මේකට ඕනේ හොඳ සිස්ටම් එකක්. මැලේසියාවේ නෙමෙයි. ගිහින් බලන්න සිංගප්පුරුවේ... එක මිනිහෙක් නැහැ. ඔක්කොම ෆුල් ඔටෝමේටඩ්. ටිකට් දෙන්නේ, සීසන් දෙන්නේ, කෝච්චි යන්නේ, දොරවල් ඇරෙන්නේ, ටිකට් පිරික්සන්නේ, කෝච්චියේ කාල සටහන කියන්නේ, එනවුන්ස් කරන්නේ, මේ ඔක්කොටම මිනිස්සු නැහැ. ෆුල්ල් ඔටෝමේටඩ්. මම හිතන්නනේ ලෝකේ තියෙන අග්‍ර ගණයේ රේල්ලුවක් (ම්ර්ට්) සිස්ටම් එකක් තමයි ඒ. එක මම දන්නා ලෙසට පුද්ගලීකරණය කරපු එකක් නෙමෙයි. එ්ක අයිති ලෑන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ඔතෝරිටි එකට. ඒ කියන්නේ සිංගප්පුරු රජයට. ඒ තත්වයට එන්න නම් අපිට හුඟක් කල් යයි. එ්ත් අපිට හොඳ සිස්ටම් එකක් තිබුණොත් ඒවා ලොකු දේවල් නෙමෙයි.
ප්‍රේමදාස ජනාධිපති ඉන්න තිබුනේ මේ කාලයේ. ස්ට්‍රයිකුත් නැහැ. ඒක ලීඩ් කරපු එකත් නැහැ.
ජනාධිපතිතුමනි ඔබගේ ශක්තිය දැන් පෙන්නන්න .... ආණ්ඩුව පෙරලන්න හදන වර්ජකයින්ට හොඳ දඬුවමක් දෙන්න...
අපගේ දුම්රිය සේවය කන්ටේනර් ප්‍රවාහනයට සහ ඛනිජ තෙල් ප්‍රවාහනයට යොදාගන්නේ අඩුවෙන් නේද ? මේවා ප්‍රවර්ධනය කරන්න උවමනාවක් නැද්ද ? ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගැන කිසිම ආකාරයක සාකච්චාවක් ඇහිලා නම් නැහැ. එවිට මහා මාර්ගවල වාහන තදබදය අඩු වන අතර මාර්ග නඩත්තුව සඳහා වන වියදමද අඩු වේ .