( ඩී.ජී.සුගතපාල)
කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි අද (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මියගොස් ඇති දෙදෙනා අහංගම වැල්හේන්ගොඩ පදිංචිකරුවන් බවත් කාන්තාව මෝටර් රථය පදවන ලද පුද්ගලයාගේ ඥාති කාන්තාවක් බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මියගිය කාන්තාවට ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණ ආපසු නිවසට යන අතර මාලු ගැනිම සඳහා දුම්රිය හරස් මාරගයෙන් පාර මාරුවෙමින් සිටියදි මහනුවර සිට බෙලිඅත්ත බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ මෝටර් රථය හැපි ඇත.
දුම්රියේ හැපුන මෝටර් රථය මිටර් 400ක් පමණ ඉදිරියට ඇදි ගොස් කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල හරස් මාරගය අසල නතරව ඇත.
දෙදෙනාම මෝටර් රථයේ හිරවි සිටි අතර ප්‍රදේශවාසින් විසින් මෝටර් රථය ඉවත්කර මළ සිරුරු පිටතට ගෙන ඇත. පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මළ සිරුරු අද සවස කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දුම්රියේ ගැටීමෙන් 2 ක් මරුට
Bunny Preena Thursday, 16 March 2023 04:35 PM
බොහොම කනගාටුදායක පුවතක්. ණොසැලකිලිමත්කම සහ ඉවසීමක් නැතිකම හින්ද අපරාදෙ ජීවිත දෙකක් අකාලයෙ විනාස උනා.
චන්ද්‍රසිරි ගුණසේකර Thursday, 16 March 2023 05:33 PM
අනතුර වෙන්නටත් පෙර මළසිරුරු කරාපිටිය රෝහලට යැව්වේ කෙසේද? අනතුර සිදුවී ඇත්තේ 16 දහවල් බව ප්‍රවෘත්තියේ සඳහන්වේ.මළසිරුරු ඊයේ (15) සවස රෝහලට යැවූ බව පසුව සඳහන් කර ඇත
Priyantha Sunday, 19 March 2023 03:24 AM
මම ඉන්න රටේ මෙවැනි තැන්වල ක්‍රොස් නොවන විදිහට දුම්රිය මාර්ගය හෝ තාර පාර උඩින් ඉදිකරලා තියෙනවා.. අනතුරක් නැහැ මාර්ග තදබද නැහැ. අපේ රටට මේ වගේ තත්වයකට එන්න කවදා පුළුවන් වේවිද?