
(ශාන්ත රත්නායක)
ජනපතිට හා ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ නිරත පිරිස අද අලුත් ආකාරයේ විරෝධතාවක නරත වූහ.
කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා දි තරුණ තරුණියෝ ප්‍රොජෙක්ටර් භාවිතා කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට විවිධ අවස්ථා ගෙන හැර දක්වමින් ආලෝක කරමින් ඩිජිටල් විරෝධතා පළ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මාණශීලී වැඩක්. ඒත් කවුද දෙයියනේ මේවාට සල්ලි පොම්ප කරන්නේ..?
අම්මපා, ඒක නං මරු වැඩක්...
අවුරුදු 74ක් දේශපාලුවෝ රට විනාශ කරලා සල්ලි හොරකම් කෙරුවා ඇති. 225ම ඉවත් වෙනකන් සටන අත නොහැරිය යුතුයි. දරු මල්ලොත් එක්ක අපි පවුල් පිටින් එනවා ගාලු මුවදොරට...
සුපිරි වැඩක් කොල්ලනේ... ජනතාවට ජය වේවා...!
කොහොම සල්ලියක් ඇතිද කුමන්ත්‍රණකාරයින්ට ඔහොම වියදම් කරන්න? කවුද සල්ලි එවන්නේ? ඔය සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න වියදම් කරානම් රට විනාශ නොකර, මොන තරම් දෙයක්ද? දුප්පත් මිනිස්සු ඉන්නවා කන්න නැතිව... මේවා විකාර...
රට වෙනස් කරන්න, ජනතාව හැටියට අපි වෙනස් වෙන්න ඕනේ. අපිට මෙහෙම වෙන්න හේතුව තමයි හරි අවබෝධයක්, දැක්මක් නැතිව තීන්දු, තීරණ ගත්තු එක. අපි වෙනස් වෙමු.. එතකොට සුදුසු තැන්වලට සුදුස්සන් පත්වේවි...
මේක වියදම් යන දෙයක් නෙවෙයි. ප්‍රොෙජක්ටර් එකකුයි, විවිධ පාටවලින් කොළයි අවශ්‍ය වෙන්නේ...
මේකේ අර එක්සත් ශ්‍රී ලංකාවක් කියන පින්තූරෙ හැලිලා... ඔහොම යං.. ටික ටික බළලා මල්ලෙන් එළියට එනවා... හා හා!!!
උද්ඝෝෂණ කරන්න මාස ගාණක් වුණත් පුළුවන්... රටටත්, රටේ උපදින දරුවන්ටත්, සතා සිවුපාවාට හොඳදෙයක් වෙන කාබනික ගොවිතැන ඉගෙන ගන්න කම්මැලි මිනිස්සු...!
මානව හිමිකම් සංවිධාන ඔබ වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රතිෂ්ඨාවයි මේ. යුද අපරාධ කළා, ඒවා අපි පෙන්නලා දුන්නා. නමුත් ඒවා කිසිඳ වගකීමකින් තොරව ප්‍රතික්ෂේප කළා. දැන් මේ තරුණ පරපුර මර්දනය කරනවා. හෙළයින් පමණක් රකින ජාතිවාදී ආණ්ඩුවකට විරුද්ධව සමස්ථ කතෝලික දමිළ, මුස්ලිම් සියලු ජාතීන් රැක ගැනීමට කරන සටනක් මේක... අරගලයට ජය! අගරදගුරුතුමන්ට ජය. එතුමා තමයි ලංකාවේ සැබෑ නායකයා විය යුත්තේ. පන්සලේ පූජකතුමා කියන්නේ මිනිසුන් ඒ නිසාවෙන්මයි. ජාතිවාදී නොවී අපි හදමු සැමටම රටක්. සන්නස්ගල වැනි පඬිවරු එහි සිටිය යුත්තේ ඉදිරියෙන්ම. ජාතිවාදය පරයා, හමුදා බලය පරයා, පොලිස් බලය පරයා ඉදිරියට පැමිණිය යුත්තේ ජනතා බලයයි. එයට නායකත්වය දීමට ආගම් බේදයකින් තොරව කතෝලික පල්ලිය මුල්තැන ගත යුතුයි. තරුණ පරපුර දකින වටිනා අනාගතය සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය වැනි හොඳ රටවල් අනිවාර්යයෙන්ම මූල්‍ය වශයෙන් පවා ආධාර කරනු ඇති. අරගලයට ජය!
මේ සීයලා මට නම් පේන්න බෑ. වයසක මිනිස්සු දන්නේ අපේ අයව ඉදිරියට යන එක වළකන්න විතරයි. පේනවනේ කමෙන්ට්. අම්මලා, තාත්තිලා අපිට ආදරේ තමයි. නමුත් අපිට එයාලා කියන දේවල් අහලා ගෙදරට වෙලා හිටියොත් රටට මොකද වෙන්නේ? ඉන්ටර්නෙට් වගේ දියුණු තාක්ෂණ නැතිව මොනවද අපි කරන්නේ? අපේ රැකියා තියෙන්නේ ඉන්ටර්නෙට් එක්ක බව වයසක අය දන්නේ නෑ. ලෝකය එයාලගේ කාලෙට වඩා වෙනස් බව එයාලා තේරුම් ගන්න ඕනෑ. ගොඩයින් වගේ මඩේ බහින්නද අපිට කියන්නේ? මේවා අපේ වැඩිමල් පරපුරේ වැරදි. අපි තමයි අන්තිමට විඳවන්නේ. යුද්දෙ මං දැකලා නෑ. හැබැයි දැන් ඒක ඉවරයි.. හැමදාම යුද්දෙ ගැන කියව කියව ඉන්නේ, අපිට ඉදිරියක් නැතිද? වයසක මිනිස්සු අයින් වෙලා තරුණ අයට එන්න දෙන්න. මොන කරුමයක්ද මේ වගේ රටක ඉපදුනේ? ජාතික වීරයෝ බලන්න ගාලුමුවදොරට එන්න! ගෝ ගෝටා ගෝ හෝම්! ප්ලීස්! අපිට දැන් ඇතිවෙලා!
දැන් ඡන්දයක් තිබ්බත් දිනන්නේ මහින්ද සහ ගෝඨා. බොරුද බලන්න...? ගම් වල මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. නූගත් මිනිසා බත් පැකට් එකට, පෝරටිකට රටේ අනාගතය වික්කා. ඒකේ ප්‍රතිඵල මේ. අපි සුළුතරයක් වෙන්න පුළුවන්.. නමුත් බලහත්කාරයෙන් හරි මෙ අයව පන්නන්න ඕන. ඡන්ද නෙමෙයි බලහත්කාරයෙන් හරි මේ අයව ගෙදර යවන්න ඕනෑ. ගඩොල් බැරි නම් වෙන දේවල් හරි අරන් වරෙව් ඉදිරියට. බැරි නම් කට පියාගෙන ඉන්න..
බුද්ධිමත් අරගලකරුවන් අරගලයට නව ඩිජිටල් ජවයක් දී විරුද්ධවාදීන් ලැජ්ජාවට හා පරාජයට පත්කළා. හරිම කදිම වැඩක්. ඇත්තෙන්ම, මෙවැනි නිර්මාණශීලී ජවයක් ඇති ජන කොටසකට විදේශ සහය ලබාදීමට ලෝකය උනන්දු වීම පුදුමයක් නොවෙයි. රටේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ රටේ ජනතාව අතේ. ඒ වගේම, නීති අංශ, මානව හිමිකම් අංශ හා නීතීඥ සංගමයේ සහය, රටේ යහපත් අනාගතය ගැන බලාපොරොත්තු තබා ඇති කාරුණික ජනතාව හා නොයෙක් ආකාරයේ බුද්ධිමතුන් මේ සඳහා තම වටිනා සහයෝගය ලබා දුන්නා. වැටීඇති රට නැවත නගා සිටුවීමට ක්‍රමවේද අවශ්‍යයි. අපට දේශපාලනයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ අනාගත පරපුරට දායාද කළ හැකි හොඳ රටක්. ඒ සඳහා කැපවීම වරදක් නොවේ...