
(ඩයනා උදයංගනී)
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පා වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක කාර්ය මණ්ඩල අද (01) ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙති.
වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටින බව වාර්තා වේ.
ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ද මෙම විරෝධතා ක්‍රියාමාර්ග හා එක්ව සිටිති.
වෛද්‍ය, ගුරු, විදුහල්පති සහ තැපැල් සේවකයින් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් විරෝධතාවල නිරත වූවත් වැඩවර්ජනයක නිරත නොවන අතර, ඔවුන් කළු පැහැයෙන් සැරසී රාජකාරියට වාර්තා කිරීම, දිවා ආහාර විවේකයේ දී විරෝධතාවල නිරතවීම ආදී ක්‍රියාමාර්ගවල නිරතවන බව ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව අද බොහෝ ආයතනවල පිරිස් රාජකාරියට පැමිණ තිබුණේ කළු පැහැයෙන් සැරසෙමිනි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද විරෝධතාවක් පමණක් සිදුකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
දුම්රිය වෘත්තීය සමිති ද අද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහයෝගය දක්වා ඇත.
(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)

ගම්පහ
(ඡායාරූප: තිලකරත්න දිසානායක)


එප්පාවල
(ඡායාරූප: තිසර සමල්)


බදුල්ල
(ඡායාරූප: පාලිත ආරියවංශ)

ගාල්ල
(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)

නිකවැරටිය මූලික රෝහල ( ප්‍රියානි මංගලිකා )


මැදිරිගිරිය -චාපා මධුභාෂිණි

මාතර - ක්‍රිෂාන් ජීවක ජයරුක්

ඡායාරූප-ගයාන් අමරසේකර


මධ්‍යම තැපැල් හුවමාරුව (ඡායාරූප: ශාන්ත රත්නායක)

ටෙලිකොම්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වර්ජනය කරන එවුනුත් වග කියන්න ඕන රට වැටිල තියෙන තත්ත්වයට. තමුන්ගෙ ගොඩ වැඩි කරගන්න දැඟලුව මිසක් ආයතන පාඩු වෙනකොට, ඒවාට දරාගන්න බැරි තරම් සේවකයන් පුරවනකොට යූනියන් කාරයෝ එකෙක් පාරට බැස්සේ නෑ
ෂා, ගුරුවරුන්ට කලු හරි ලස්සනයි, අනේ දිගටම අඳින්න, අපි අදනෙ දන්නේ රතු සහෝදරයින්ගේ ලොක්කා මොඩ්ලින් කරනවා කියලා.
කොහොම හරි මොනවා කරලා හරි රට අස්ථාවර කරන්න... මෙයාලාම පත්කරගත්තු ලොක්කා කරපු දේවල් නිසා පැට්‍රල් බෝතලයක් ගන්න සතියක් පෝලිමේ හිටියා කියලා මේ මාස කීපයකට මෙයාලාට අමතක වෙලා. දැන් රනිල් මේක බාර අරගෙන IMF එකෙන් පොඩි සහනයක් ගන්න කතා කරද්දී ඒක කඩාකප්පල් කරන්න හදනවා...
මේ රටේ මිනිස්සු හරි පුදුමයි, මේක බංකොළොත් වෙච්චි රටක් කියලා මෙයාලට අමතක වෙලා...
ජේ ආර්ල, ප්‍රේමදාසල ඇත්තටම මේ රට හැදුවා... නමුත් 1993න් පස්සේ රටේ බලය ඒ පක්ෂෙට දුන්නේ නැහැ... රටේ ආර්ථිකය හදන්න දන්න පක්ෂයකට බලය නොදීමේ ප්‍රතිවිපාක තමයි මේ. ඔය ජනතාව වාමාංශික පක්ෂයකට බලය දුන්නොත් මීට වඩා අපාදුක් විඳිනවා.
අවුලක් නැහැ... ඕවා සංවිධානය කරන අයගේ ළමයි ඉන්නේ පිටරට විශ්ව විද්‍යාලවල. නැත්නම් පිටරට රස්සාවල...
වරාය සේවක සංගමයේ ලොක්ක කියනවා මාධ්‍යයේ, අද වරායට කෝටි හතක් පාඩුයි කියලා. එයාලාට හරි සතුටුයි, ඔය ලොක්කන් තමයි හැමදාම මේ රට විනාශ කළේ. කොහොමහරි මේක වට්ටන්න ඕනෑ... එතකොට බංකොළොත් රටක බලය ගන්න ලේසියි...
ඉස්මුරුත්තෙටම තෙල් එකයි, CEB එකයි කාලා අපිට කෙලවපු අයත් වර්ජනයේ. කන්න කන්න කුම්මැහිකම වැඩියි. පිනට ඉගෙන ගත්ත එකෙයි, පිනට උපාධිය ගත්ත එකෙයි කෙලෙහි ගුණේ තියපල්ලා රටම අමාරුවේ වැටුණු වෙලාවේ.
නියම අපත අදහස් දාලා තියෙන්නේ... වැරැදි කරපු අය ගැන, රට බංකොළොත් කරපු අය ගැන කිසි විවේචනයක් නෑ. ඒත් දේශපාලකයින්ගේ අමන ක්‍රියා නිසා ඇතිවී තිබෙන මේ තත්වයට විරුද්ධව කටයුතු කරන කොට රට ගැන කිය කිය බනිනවා. වලපල්ලට යනකන්ම හොර දේශපාලකයින්ට පස්ස අල්ලගෙන ඉන්න.
රනිල් වික්‍රමසිංහට විරුද්ධව දැන් ලෝකයෙන්ම ටික ටික අදහස් එනවා. ගෝඨාභයට වෙච්ච දේ වැඩිකල් නොගොස් රනිල්ටත් සිද්ද වෙනවා. රනිල්ට දුවන්න පාර මදිවෙනවා.
77 වසරක් රට විනාශ කෙරූ දුෂ්ඨ, දූෂිත දේශපාලන අද තවදුරටත් රට විනාශ ජනතාවගේ ගෙල ග්‍රහණය කරමින් සිටිනවා. මොවුන් පලවා දමා රට සුඛිතමුදිත රාජ්‍යයක් බවට ලෝකයේ දිදුලන රටක් බවට පත් කරන්න අද ගොවියන්, කම්කරුවන්, වෘත්තිකයින් ධීවරයින් මෙන්ම සුළු, මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයින් පූජ්‍ය පක්ෂ ආදි සියලු ජනතාව පෙළගැහී සිටිනවා. තමන්ට ලැබෙන කීයකට හෝ එයට විරුද්ධව කොමන්ට් දාන ඩිස්ලයික් දාන අය තවටික දිනකින් සමාජයෙන් කොන්වී යනු ඇත.
රනිල්ගේ මොංගල් ගෝලයින් ටික වැඩට බැහැලා ඔවුන් දන්නේ නැහැ රට විනාශ කළ කෙනෙක් කවදාවත්ම රටක් හදන්නේ නැහැ කියලා. අවුරුදු පහයි බලය දුන්නේ ඒ අවුරුදු පහට රට විනාශම කළා. බලය අරගෙන මාස තුන යන්න කලින් මහ බැංකුවට වැඩේ දුන්නා එතැන බිලියන 11 යි, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් බිලියන 13.5 ගිනි පොලියට ණයට ගත්තා. හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියන 1.3 ගත්තා. ඒවාට වෙච්චි දෙයක් නැහැ. අවුරුදු පහක් තිස්සේ රට ඩොලර් ට්‍රිලියන ගණනක් ණය කරලා ඔවුන් සැප වින්දා... රනිල් අගමැතිවෙලා ඉන්න විට ගෙනාව වාහනයේ විතරක් රුපියල් කෝටි 300 කට වැඩියි... සජිත් සංස්කෘතික අරමුදලෙන් කල වංචාව පමණක් රුපියල් බිලියන 300 කට වැඩියි, කිරිඇල්ල මහාමාර්ග වලින් රාජිත ඖෂධ වලින් කබීර් හෂීම් හැරිසන් යන අයට අපමණ දූෂණ චෝදනා තියෙනවා. එහෙව් හොරු රට හදයි කියලා හිතන අමනයන් රැලක්ද ඉන්නවා.
රටටට අවංකවවම ආදරේනම් පරන කුනු හොයන එක ණෙවේ. කවදාවත් නැති විදියට රට ළොකෙම හිගන තත්වෙට පත්වෙලා. බලලෝකම අමතකකරල රට ගොඩගන්ට යොජනා දෙන්න. අමතක කරන්න එපා ඇවු 30 යුඩ්දෙ 88/89 JVP කැරැල්ල !හොරකම නාස්තිය දූශනය මේ හැමදාම ආරථිකය කඩාවැටීමට පෙලඹවීම. රට හරිමගට ගෙනත් තොපේ ඔන දේසපාලනයක් කරගනිල්ල. පේන විඩියට රටට ආදරේ නායකයෙක් පේනතෙක් මානෙක නෑ? ඔක්කොම ඩීල් කාරයො.
බදු ගෙවන්න බැරි නම්, නිදහස් අධ්‍යාපනය එපා කියන්න, නිදහස් සෞඛ්‍යය එපා කියන්න පාරවල්වල අවිදිනවට සල්ලි ගන්න කියන්න... හදිසි ආපදාවන්ට සහාය දෙන්නේ මුදල් වියදම් කරන අයට විතරක් කියන්න හොර රාජ්‍ය සේවකයින් ගෙවල්වල තියන්න සියලුම රජයේ ආයතන පුද්ගලීකරණය කරන්න ලෝකෙන් ණය අරගෙන කරන සියලුම දේවල් නතර කරන්න කියන්න. මේ වෙලාවේ රජය මුදල් නාස්ති කරනවා නම් ඒකත් වැරැදියි.. අපි බදු ගෙවන්න අකමැති නම් එකත් වැරැදියි.
අරගලයට විරුද්ධව අදහස් ලියන අයනම් මිනිස්සු නම් වෙන්න බැහැ. නැට්ට ළඟටම ගොම ඇති... ඒත් යන්නෙම කම්බ හොරුන්ට....
මෙතන අදහස් දාලා තියෙන සමහරුන්ට තියෙන්නේ ටිකිරි මොල කියලා පෙනෙනවා. ඔය දැන් පාරට බැහැලා කෑගහන අයගෙන් 90%ක් විතරම රට මේ තත්වෙට පත්කරන්න ඡන්දෙ දීපු අය. මේ වලට රට ඇදාලා දාන්න ලොකුම කාර්යභාරය කළේ මහින්ද, බැසිල් හා ගෝඨාභය. ඔය දැන් කෑමොරදෙන අයගෙන් බහුතරයක්ම මේකට වගකියන්න ඕනෑ අය... මේ වලෙන් ගොඩ එන්න නම් කවුරු කැමැති වුණත්, කවුරු අකැමැති වුණත් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ ලෝක බැංකු පිහිට ලබාගැනීම පමණයි. ලෝක බැංකුව කියන්නේ බිල්ලෙක් නෙවෙයි. මොනවද එයාලා අපිට කරන්න කියන්නේ කියලා බුද්ධිමත්ව විශ්ලේෂණය කරලා බැලුවාම පෙනේවි ඒ අයගේ යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් දීර්ඝ කාලීනව සමස්ථ රටවැසියන්ටම යහපතක් වෙනබව... නමුත් ගැලරිය සතුටු කරන්න ප්‍රායෝගික නොවන නමුත් නිකන් කන්න කැමැති අයගේ හිත සතුටු කරන්න සමහරු සිල්ලර යෝජනා ගෙනෙනවා. අද ඔය පාරට බැහැලා ඉන්න අයගෙන් කීදෙනෙක් හොරට ඔටී ගැනීම්, කාර්යාල වාහනය පෞද්ගලික වැඩට යොදාගැනීම, රාජකාරි වෙලාවේදී තමන්ගේ පෞද්ගලික වැඩ කරගැනීම් ඇතුළු මෙකී නොකී හොරකම් කරලා ඇත්ද? නමුත් කතාකරන්නේ ඔවුන් හරිම අවංක පිරිසක් හැටියටයි. අපිට පාට, පක්ෂ හෝ පුද්ගලයින් අදාල නැහැ. වැටිලා ඉන්න වලෙන් ගොඩඑන්න නිවැරැදි උත්සාහයක්...
බෞද්ධ ජනතාව ප්‍රවේසම් වන්න ලංකාව කළු ඇඳුමට නැඹුරු කරන්නේ අන්තවාදී කතෝලිකයින් බව මතක තබාගන්න...
කොරෝනා කාලේ ළමයින්ගේ බෙල්ල මිරිකපු ගුරුවරුන්ට කලුපටි, ස්ටාලින් සන්නිය හැදිලා...
මේ ගුරුවරුන්ගේ වැටුප් මෑතකදී සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරා. මේ අයට ඒකත් මදි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, මාර්ග නඩත්තුව, සමුර්ධි "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. ඒවාට බදු ගෙවීමට පුරුදුවිය යුතුයි.
ගුරුවරු මොකට විරුද්ධ වෙනවාද? ගුරුවරුන්ට ලක්ෂෙට වැඩි පඩි හම්බ වෙන්නේ නෑනේ..!
හොරු අල්ලනවා වෙනුවට ,ජනතාවට tax ගසා හොරුන් නඩතිතු කරන්නට යාම නිසා මෙවැනි දේ සිදු වේ.
රට කම්මුතු වී රට වැස්සෝ අපාගත වූවාට කම් නැත. අප පශ්චාත් භාගය ඉරාගෙන අපේ දේශපාලන තුමාට කඩේ යමු. රනිල්ගේ බියවීම කමෙන්ට් වැටෙන ආකාරය අනුව නිර්ණය කළ හැක
මොන පාට ඇඳන් උන්නත් අවුලක් නැහැ .මන්දිරේ පැත්තට ආවොත් තමයි වැඩ අවුල් වෙන්නේ
මේ ගුරුවරු මාසෙකට ලක්ෂයකට වැඩිය පඩි ගන්නවාද? නැතිනම් කුලියට කහිනවාද?
බදු ගෙවන්න සුදානම් නැතිනම් පඩි අඩු කරමු.
සහතික ඇත්ත ඒ කතාව නම්
මේ තත්ත්වය තුළ මෙවැනි විරෝධතාවයකින් ජවිපෙ රට විනාශ කිරීමට යන බව ඉතා පැහැදිලියි. මම කිසිම දේශපාලන පක්ෂයක ආධාරකරුවෙකු නොවන නමුත් RW රට අනතුරෙන් ගොඩගැනීම සඳහා විශිෂ්ට කාර්යයක් ඉටු කර ඇත. JVP කණ්ඩායම ආර්ථිකයේ ප්‍රගතියක් දැකීමට කැමති නැති අතර ඔවුන් දකින්නේ ඍණාත්මක බව පමණි. මෙම ආත්මාර්ථකාමී JVP පිටුබලය ලබන සංගමයට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වැටුප්, ලබන බද්ද වැටුපෙන් කපා හැරීම නතර කිරීමයි. (සමහර රාජ්‍ය ආයතන තම ආයතනයෙන් බද්ද ගෙවනවා මිස වැටුපෙන් අඩු කරන්නේ නැහැ. මහබැංකුව මේ ක්‍රමය මෑතක සිට නතර කළා Eg. Central bank, Petroleum, Electricity board , CGR ) ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වන්නේ රජයෙන් එයම ගෙවීමටයි. ඒ නිසා තමයි ඔවුන් මේ තරම් කලබල වෙලා ඉන්නේ.