(ඡායාරූප - ගයාන් අමරසේකර)
සෞඛ්‍ය අංශ උපදෙස්වලට ගරු කරමින් මෙවර පොසොන් පොහොය දිනයේදී සිය නිවෙස්වලටම වී ආගමික වතාවත්වල නිරතවන ලෙස කළ ඉල්ලීමකට අනුව සහ අද (05) දිනයේදී මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවා තිබීම නිසා වෙනදාට බෞද්ධ සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය කැලණිය රජමහ විහාරයේ සැදැහැවතුන් සිටියේ අතළොස්සක් පමණි.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ වැටහීමේ හැටියට ලංකාවාසී සියලුම දෙනා කැලණිය පන්සලට යාම අත්හිටුවිය යුතුව ඇත. මන්ද පන්සලේ දැනට ඉන්න ඇතැම් චීවරධාරීන් පසුගිය දිනවල පන්සලේ ගෞරවය නැතිකර දමා ඇත.
කැළණි එන්නේ නයි මැජික් බලන්නනේ. මේ සැරෙත් ඒවා දැම්මා නම් කාගෙන ඇවිල්ල පිදේනි දීලා යයි.
ලොකුහාමුදුරුවන්ගේ නයි කතාව නිසා අපේ හිත් පෑරුණා.
මගේ සිත්ගිය 8 වෙනි ඡායාරූපය නිහඬව එහෙත් ලොකු අදහසක් කියනවා කියලයි මට හිතෙන්නේ. බෝ මළුව අසල සැදැහැවතුන්, සැදැහැවතියන් දෙතුන් දෙනෙකුට වැඩිය නැහැ... ඒ අයත් විවිධ ඉරියව්වලින් විවිධ දිශාවන්ට මුහුණලා සිටින්නේ.. මේ සිටින්නේ අපි ඔක්කොමව නියෝජනය කරන දෙතුන් දෙනෙක් වත්ද...? අපි සංසාරයේ අතරමංවෙලා.. යන තැන නොදැක එහෙ මෙහෙ ඇවිදිනවා.. දුඹුරු පැහැයෙන් යුත් ගොඩනැගිල්ලෙන් කියන්නේ සසරේ අපි පසුකරගෙන යායුතු අමාරුම අවධියයි.. ඊටත් එහායින් දාගැබේ ඉහල කොටස සුදු පැහැයෙන් දිස්වෙනවා. අප යායුත්තේ එතැනටයි.. පරිශුද්ධත්වයේ උතුම්ම තැන නිවන එතනයි.. මට මේ ගීතය සිතට ආවා... සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ... ඔබේ බුදු වදනක් ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ..... ඔබේ මුදු සිහිලක් මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිලී සැනහී නිවා ගිනි සසරේ පහන් වැට සේ සොයා ආයෙමි හිමියනේ ඔබේ.... ඔබේ නෙතු කැල්මක් ගී පද :- කුමාරදාස සපුතන්ත්‍රී ගී තනුව :- ආචාර්ය වික්ටර් රත්නායක ගායනය :- සුනිල් එදිරිසිංහ
මගේ නම් හදවතටම දැනුනු පින්තුරය වන්නේ 12 වෙනි පින්තුරයයි... ඇයගේ බැල්ම, සිටිනා ඉරියව්ව, වචන දහසකින් වත් එකතුකර ලියන්න බැරි මහා පොතක් වගෙයි. ඇය මේ හිස් බැල්මෙන් බලා සිටින්නේ ජීවිතයේ අනියත බවද..?
මේ ඇඳිරි නීතිය අස්සේ කැලණියේ නයි නැටුමක්වත් බලා ගන්න බැරිවුණු එක ගැනයි මට නම් දුක... හොඳ වෙලාවට, අර තොන්ඩමන්ගේ අවමගුල් පෙරහැරේ කටයුතු වලට සහභාගී වූ අතරතුරම පන්සලටත් ගොඩවෙලා ගෙදර ආවේ? අපරාදේ, තොන්ඩමන් මහත්තයා තව දින කීපයකට පසුව මියැදුනා නම්, ඔය කාට කාටත් පොසොන් පෝයටම පන්සල පැත්තේ ගිහින් පිනක් දහමක් කර ගන්න තිබුණා.
නිමක් නැති සංසාරේ ,කරදර ,දුක් පීඩා පොදි බැඳගෙන , අනන්තවූ ආශාවන් පසුපස ලුහු බඳින අප , අවසානයේ නවතින්නේ , සම්මා සම්බුදු පියාණන්ගේ ,දහම් සිසිල වූ "ධර්මයේ " පිහිට පතාගෙනද ? ආශාවන්ගෙන් පිරුණු සත්වයා ,කපුටා ලෙසත් ,මුට්ටිය ඇතුලේ තිබෙන සිසිල් දිය ,සම්මා සම්බුදු පියාණන් දෙසු ධර්මය ලෙසත් දුටුවෙමි...
අවාසනාවකට වගේ මෙතන කොමෙන්ට් දාලා තියෙන හැමෝම මලාට පස්සේ නිවන් යන්න බලාගෙන ඉන්නවා වගෙයි. මගේ දැනුමට අනුව බුද්ධාගම මලාට පස්සේ නෙමයි ජිවත් වෙලා ඉන්නකොටයි පිහිට කර ගතයුත්තේ. බුදුන්ගේ චරිතයන් අපි ඉගෙන ගන්නේ නැති දේවල් තමයි, නොපසුබට දස්සනා විරිය, අපොයි පූරුවේ කල කරුමේ කියලා මිනිස්සුන්ට පාච්චල් නොකිරීම, බෝගසට නොවැද බෝගසේ හෙවනින් බන බාවනා කිරීම, සංසාරේ අනියත ගැන නිකම් හිස් කතා කියමින් කළ යුතු දේ නොකිරීම...
දිවයිනටම ඇඳිරිනීතිය තියෙද්දී මේ කට්ටිය කොහොමද පන්සල් ගියේ?
තමන්ටත්, රටටත්, ජාතියටත් කෙලවුනට කමක් නෑ. කොහොමහරි තමන්ගේ ආගමේ චාරිත්‍ර ඉටුකරන්න ඔනී කියන අන්ධ භක්තිකයින් නොවී යථාර්ථවාදී බෞද්ධයන් සිටීම ගැන ආඩම්බරයි.