
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන 6 වෙනි පටුමගේ දී සුඛෝපභෝගී මෝටර් රථයක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
රෝහල්ගතව ඇත්තේ කොළඹ 13 කොටහේන පරමානන්ද විහාර මාවත පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි .
තුවාල ලැබු පුද්ගලයා ඔහුට අයත් මෝටර් රථය කොටහේන 6වෙනි පටුමගේ නතර කර තිබියදී මෝටර් රථය පිටුපස ප්‍රදේශයෙන් කළු පාට කබා සහ ආරක්ෂක හිස් වැසුම් පැළඳ ස්කූටරය කින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එයින් බැස මෝටර් රථය අසලට ගොස් වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ දී තුවාල ලද පුද්ගලයා මෝටර් රථය පණ ගන්වා එම ස්ථානයෙන් ක්ෂණිකව පළාගොස් රෝහල්ගතව ඇතැයි පොලිසිය කියයි.
ඒ හේතුවෙන් වෙඩික්කරුවන්ගේ නිසි ඉලක්කය වැරදී ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මෝටර් රථයේ බඳ පෙදෙස ට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
එල්ල කරන ලද වෙඩි ප්‍රහාර එම පුද්ගලයාගේ දකුණු උරහිසට උදර ප්‍රදේශයට සහ දකුණු කණ අසලට වැදී ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
එම පුද්ගලයා ශල්‍යකර්මයට ලක් කිරීමට පියවර ගත ගෙන ඇත එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටහේනේ වෙඩි තැබීමක්