
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමෙන් වාහන රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධාක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාව ඇතුළු විරෝධතා කීපයක් අද (24) ගාලුමුවදොරට පැමිණීමට නියමිත නිසා පොලිසිය මෙසේ මාර්ග බාධයක යොදා තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය පිකටින් උත්ගොෂණ හින්ද මහජනතාවට පීඩා ඇතිකරනවා කියනවා මෙහෙම පාරවල් වහනකොට මහජනතාව පීඩා වෙන්නේ නැද්ද ?
මොනවද මේ තකතීරු වැඩ.බොම්බ පුපුරවපු කාලෙත් නොදාපු බැරියර් නිරායුද මිනිසුන්ගේ පාගමන නවත්වන්න දාලා තියෙන්නේ .ඔය බැරියර් කඩාගෙන යන්න බැරි ඒව ද.කරපු හැම වැඩක්ම කුජීත වෙලා තියෙද්දිත් තව කරන්නෙත් කුජීත වැඩමයි.ලැජ්ජයි .
විලි ලැජ්ජයි සර්
මහජන මතයට බය පොලිසිය සහ ආණ්‌ඩුව. සැමදාම මෙහෙම යන්න පුලුවන්ද. රට නිකම්ම වලපල්ලට යනවා. කෝ මේ ආණ්ඩුව?
මාර්ග වසා දැමුවා මදිවට බාධක වල උල් කටු යොදලා. දුර්දාන්ත සහ සෑම අතින්ම අසමත් මේ රජය ජනතාවට සලකන ආකාරයයි මේ.. මේ රටම මිලිටරි කරණය කිරීමේ පළමු පියවරයි.