IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලි තිදෙනා පුලතිසි පීලි පන්නති

 

(චාපා මධුභාෂිණී සහ අමදෝරු අමරජීව)

මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සීග්‍රගාමී දුම්රියේ ගල්ඔය දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී අද (13) අළුයම 5ට පමණ වන අලියෙකු ගැටී මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.

මෙම වන අලියා ගැටීම හේතුවෙන් දුම්රියේ ඉදිරිපස ඒන්ජිම පීලි පැන තිබෙන අතර මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයන්ට බාදා ඇති වූ බව ආරංචිමාර්ග කියයි.

අනතුර හේතුවෙන් මිය ගිය අලියා වයස අවුරුදු 20 පමණ වන බව කවුඩුල්ල නිළධාරීන් කියයි. 

මින්නේරිය සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්හි වෙසෙන වන අලි නිරන්තරයෙන් මෙලෙස දුම්රිය මාර්ගය හරහා මාරු වන අතර මෙලෙස මාරුවන වන අලි දුම්රියේ ගැටීමෙන් විශාල වශයෙන් මිය යන බවද උද්‍යාන නිළධාරීන් කියයි. 

මෙම අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්බර කට 10 පමණ කැඩී ගොස් ඇත.

අනතුරෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නැති අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගමනාගමනයට බාදා ඇති වූ හෙයින් ඒම දුම්රියේ පැමිණි මගීන් හතරැස්කොටුව පොලිසිය විසින් බස්රථ මගින්වලින් පිටත්කර හැරීමට කටයුතු කර ඇත.


 

(ඩයනා උදයංගනී)

පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලිපැන්නේය.

එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී සිදුව ඇත.

මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයෙ දුම්රිය ධාවනය අඩාල වී ඇතැයි වාර්තා වේ.

(ඡායාරූප: අමදෝරු අමරජීව)



අදහස් (3)

අලි තිදෙනා පුලතිසි පීලි පන්නති

නිදහස් අදහස් Friday, 13 January 2023 01:34 PM

තාක්ෂණය දියුණුයි කියලා මහ ලොකුවට කියවන මෙවන් කාලය... මේ සත්තු කීපදෙනෙක් බේරගන්න ක්‍රමයක් නැති අපි මිනිස්සුද බොලව්.. නොදකින්.. විලි ලැජ්ජයි..

:       1       37

නිහාල් Saturday, 14 January 2023 03:01 PM

අලියෙක් බේරාගන්න බැරි උනාට rocket යවපු ජාතියක් අපි. ඒ යවපු එක කොහේ තියනවා ද නොදන්නා එක වෙනම කතාවක්.

:       0       0

Prabath Saturday, 14 January 2023 10:50 PM

අලි මැරෙන එක නවත්වන්න බැරි ඇයි … හරිම අපරාදයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site