IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


අරගලයට සහභාගීවීමට මහ ජන ගඟක් කොළඹට

(ඡායාරූප සිරංගිකා ලොකුකරවිට)

(ඩයනා උදයංගනී)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අද (9) කොළඹදී දැවැන්ත විරෝධතාවට සහභාගී වීම සඳහා විශාල ජනකායක් මේ වන විට කොළඹට ඇදෙන බව අප වාර්තා කරුවෝ පවසති.

‘9 වැනිදා උදේ 9.00ට මුළු රටම කොළඹට’යන තේමාව යටතේ මෙම අරගලය සංවිධානය කර තිබේ

මෙම අරගලය සඳහා සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇති අතර, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට කොළඹබලා පා ගමනින් ගමන් කරමින සිටිති.

මෙම අරගලයට සහභාගීවීම සඳහා ගම්පහ,රාගම,මීගමුව,කළුතර ආදි විවිධ ප්‍රදේශවල සිට පා ගමනින් අති විශාල ජනයායක් පැමිණෙමින් සිටිති.

මෙම අරගලය ගැන ජනතාව දැනුම්වත් කිරීම හා පවතින තත්වයට විරෝධය පළකිරීම එහි අරමුණ වූ අතර, මහජන පුස්තකාලය අසලට පැමිණි පිරිස එහිදී සම්මන්ත්‍රණයක් ද පැවැත්වූහ. මීට අමතරව කුරුණෑගල සිට කොළඹ දක්වා ද පෙරේදා (7) පා පැදි සවාරියක් ආරම්භ වූ අතර එය අද (9) දිනයේදී කොළඹට ළඟාවීමට නියමිතය.

අරගලයට සහය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනක් කැලණිය විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දක්වා ඊයේ (8) පැවැත්විණි. භික්‍ෂු සංවිධාන රැසක් එක්ව කොළඹ කොටුවේදී පෙරේදා (7) ත්‍රෛනිකායික භික්‍ෂු සත්‍යග්‍රහයක් ද ආරම්භ කර ඇති අතර, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉවත්විය යුතු බව පවසමින් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එහි අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කර තිබේ.

ආගමික පූජකවරුන් සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් මෙම අරගලයට එක්වීම සඳහා වත්තල සිට පෙරේදා (7) පා ගමනක් ආරම්භ කර ඇත.

මහනුවර සිට මේ වන විට දුම්රියක් කොළඹ බලා ධාවනය කරවන අතර අරගලකරුවන් මුදල් ගෙවා එම දුම්රිය වෙන් කරවා ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

ගම්පහ සිට කොළඹට පා ගමනින් (තිලකරත්න දිසානායක)

රාගම සිට කොළඹට (විමුක්ති එස් රුද්‍රිගු)

 

පිළියන්දල සහ කැස්බෑව (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

ගම්පහ නුවරපාරේ මිරිස්වත්ත හන්දිය (තිලකරත්න දිසානායක)



(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (1)

අරගලයට සහභාගීවීමට මහ ජන ගඟක් කොළඹට

ranjith Saturday, 09 July 2022 10:48 AM

මේ දුර්දාන්ත මහජන පීඩාකාරී ආණ්ඩුව පළවාහැර රට යහපත් මගකට අවතීර්ණ වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 495 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17072 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 683 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site