(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි.
ජනතාව තමන්ට ආසන්නම නගරයට පැමිණ රජයට විරෝධය පා විරෝධතාවල නිරත වූහ.
මෙම විරෝධතාවලට පැමිණි ජනතාව වෙනුවෙන් එම නගරවැසියන් විසින් ආහාර පාන ද පිළියෙල කරනු දක්නට ලැබිණි.
ජනතාව සටන් පාඨ කියමින් සහ සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවන්හි යෙදුණහ.
මෙම හර්තාලය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබූ අතර, නගරවල වෙළඳසැල් වසා කළු කොඩිද ඔසවා තිබෙනු දක්නට ලැබිණ.
ජනතාව වීදි බැස රජයට එරෙහි විරෝධතාවල නිරතව සිටි අතර ඇතැම් ස්ථානවල මාර්ග තදබදයන්ද පැවතිණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)







COMMENTS
ජනාධිපති හා අගමැතිට විරුද්ධව පවත්වන හර්තාලය ස්වභාව ධර්මයා විසිනුත් අනුමත කළ බවක් තද හිරුරැස් නොමැතිව තිබීමත්, වැස්සක් නැතිව තිබීමත් මගින් පැහැදිලි වෙනවා. එයින් පේනවා ලෝක පාලක දෙවියන් පවා ඉන්නේ ජනතාව පැත්තේ කියලා. ඒ නිසා ජනතා ඉල්ලීම පිළිගෙන තවත් බලා නොසිට අයින්වෙලා පලයල්ලා...
බැඳුම්කර වංචාව කරන කොට මෙයාලාට හිතුනේ නැද්ද රටට මෙහෙම වෙයි කියලා. දැන් තමයි ඇහැරිලා තියෙන්නේ...!
අපත් කොළඹ අවට නගර කීපයක ඇවිද්දා. කඩ වහලා. ලයිට් කණුවල කලු කොඩි එල්ලලා. ඒවා ජවිපෙ වැනි සංවධානයකින් කළබව පැහැදිලියි. කෙසේ වුවත් උද්ඝෝෂකයින්ට නිකං කන්න බොන්න දුන් බවක් නම් නොදුටුවෙමු.
අරගලයටත්, නව මගුල් ජෝඩුවටත් සුබ පතනවා...