Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 18 වන බදාදා
ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළඳ ගිවිසුමට විරෝධය දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව දැනුවත් කිරිමට අත්පත්‍රිකා බෙදා දීමක් අද (7) පිටකොටුව බෝධිය අසල දී සිදුකෙරිණි .
මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති , පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
sirimal Friday, 07 September 2018 01:11 PM
හැම දේකටම කොළ බෙදබෙදා ඉන්නවා. එක එක ජාතියේ ප්‍රකාශ කරනවා මිසක් රටට වැඩක් වෙන වැඩ කටයුත්තක් කරන බවක් පෙනෙන්න නැහැනේ... කොළ බෙදලා කොහොමද මහත්තයෝ ආණ්ඩුවක් පිහිටුවන්නේ?
Reply : 300 1100
ධනුෂ්ක Saturday, 08 September 2018 02:26 AM
යම් කෙනෙක් හෝ කණ්ඩායමක් තම මතවාදය ප්‍රචාරනය කරන විධි තියනවා. මේකත් ඉන් එකක් කියලා හිතාගන්න. රට වෙනුවෙන් මෙතුමන්ලා ගොඩක් වැඩ කරනවා. 88,89 කාලෙන් පස්සේ ගොඩක් වැඩ කරලා තියනවා රට වෙනුවෙන්... හැබැයි 88,89 කාලේ පටන් ගත්ත වැඩේ හරියට ඉවර කලේ නෑ. එ්ක හරියට කළානම් අද මේ රට ගොඩක් ඉස්සරයට ගිහින්...
Reply : 516 235
ඇත්ත සත්‍යපාල Saturday, 08 September 2018 07:44 AM
කරපු ලොකුම වැඩේ යහපාලනය ගෙනත් රට බිමටම පාගලා දැම්මා. 1971 සහ 1989 ආයුධ අරන් රටම ගිනි තියල විනාශ කරන්න බැරි වුන නිසා මෙදා පාර දුන්නා බොක්කටම. දැන් විප්ලවේ හරි. ඒ නිසා රතු කමිස, රැවුල වැවීම්, සටන් පාඨ, පෙළපාලි, කැට හෙලවීම් නෑ. එංගලන්තේ මහත්තුරු වගේ ලස්සනට ඇඳලා ඩොලර් වියදම් කරලා ජැන්ඩි පහේ සුපිරි පන්තියේ දේශපාලනය. රනිල්ගෙන් අවසර ගන්නවලු " සර් අපි ටිකක් සර්ට විරුද්ධවත් මොනව හරි ඉඳහිට කියන්නම්, එහෙම නැත්නම් අපිට ඡන්ද නැතිවෙනවා" කියලා.
241 518
dias Saturday, 08 September 2018 10:52 AM
88,89 කාලේ පටන් ගත්ත වැඩේ හරියට ඉවර කළානම් රට ගොඩ එ්ම කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් වල තුළට යන්නට ඉඩ තිබුණු බව කිවයුතුයි.
2 196
sudath Friday, 07 September 2018 01:39 PM
නින්දෙන් නැගිටලා වගෙයි රතු අලි පැටව් නේද?
Reply : 541 641
ධනුෂ්ක Saturday, 08 September 2018 12:27 PM
දේශපාලන අඳබාලයන් මොනවා කිව්වත් එ.ජා.පය බිමට සමතලා කිරීමේ ජ.වි.පෙ උපායමාර්ගය සාර්ථකයි. එ.ජා.පයට බෑ කියලා දැන් රටට ඔප්පු වෙලා ඉවරයි. ඊළඟ එන අාණ්ඩුවටත් බෑ කියලා නියත වශයෙන්ම ඔප්පු වේවි. දැනටත් අවුරුදු 70ක්ම දෙගොල්ලොම බෑ කියලා ඔප්පු කරලා තියනවා. අනාගතයේ බුද්ධිමත් තරුණ පරපුර තවදුරටත් එය අවබෝධ කර ගනීවි. කැපුවත් කොළ, කැපුවත් නිල් කියන ඡන්ද පදනම එතකොට ඉවරයි. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා?
Reply : 350 210
රවිඳු Friday, 07 September 2018 02:03 PM
ඇත්ත නේන්නම් සුඩානය, මොන්ගෝලියාව වැනි රටවල් තියෙද්දී, සිංගප්පුරුව වගේ රටක් සමග ගිවිසුම් ගහන්නේ? තමන්ට ගැලපෙන අය සමගනේ ගනුදෙනු කරන්න ඕනෑ. උඩට කලිසම ඇන්දට යටට අඳින්නේ අමුඩේනේ ඉතින් බය හිතෙන්නේ නැද්ද?
Reply : 71 211
dias Friday, 07 September 2018 02:59 PM
ඔයිට වැඩිය හොඳ නැද්ද කවි කොලයක් තියාගෙන කියෙව්ව නම්?
Reply : 4 349
Bamunuarachchi Friday, 07 September 2018 04:06 PM
ජේවීපී සහෝදරවරුනී ඔබලා රටට විනකරන යෝජනා පනත් වලට විරුද්දව කතා කරන බවත් ජනතාවට හිතකර යෝජනා ගෙනෙන බවත් අපි දනිමු. නමුත් මේවන තුරු විරුද්දවු සිය ගණනක් අනපනත් වලින් එකක්වත් සම්මත නොවී ගියේවත් ඔබලා යෝජනා කල ජනතා හිතවාදී යෝජනා සිය ගානකින් එකක් හෝ ක්‍රියාවට නැගුනේ වත් නැත. එමනිසා හොඳ හෝ නරක ගැන යෝජනා සීයක් කර ප්‍රතිපල නැතිව සිටිනවාට වඩා ගෙනෙන එක යෝජනාවක ප්‍රතිපල දකින තුරු ඒ සම්බන්දව ගැටී කටයුතු කරනවානම් එය ජනතාවට කරන මෙහෙයක් කියා සිතමි.
Reply : 4 218
විජිත් Friday, 07 September 2018 10:35 PM
බමුණුආරච්චි මහත්මයාණෙනි, ඔබගේ අදහසත් එක්ක මමත් එකඟයි..නමුත් අපේ රටේ ජනතාව තවමත් " කැපුවත් කොළ , කැපුවත් නිල්.." යන අර්ථ හීන මතයක් සිටිනතුරු එහෙමත් නැතිනම් එක එක පක්ෂවල දේශපාලුවන්ගේ " වහලුන් " යයි සිතන මනෝභාවයක සිටිනාතුරු අපේ රට මේ තියෙන තත්වයටත් පහත මට්ටමකට පසුබා අන්තිමට " අසාර්ථක රටක" තත්වයට පත්වෙවිදැයි මටනම් සැකයි...1948 සුද්දා අපේ රට හැරදා යද්දී අපි කාටවත් " නය " නැති රටක්...එදාසිට අද දක්වා රට පාලනය කල" සියලුදෙනාම " අද අපේ රට පත්වී ඇති " අහස උසට නය ගැති, ප්‍රශ්නකාරී , සෝචනීය තත්වයට වගකිවයුතුයි.
Reply : 0 66
ase Saturday, 08 September 2018 05:58 AM
ඔබේ වචන ටික රන් වටිනවා, පාට හෝ කෙනෙක් නොවේ අපිට තිබිය යුත්තේ රට ගැන සිතිවිල්ලක් අපි අනික් හැමම විවේචනය කරනවා, අපේ ගැන ???
0 0
Bamunuarachchi Sunday, 09 September 2018 05:34 AM
දැන් ඔය වැඩේ කොළ බෙදලා අත පිහිදානේ නවත් වන්න එපා ඔබලාගේ කාරිය ඔතනින් ඉවර නැහැ. දන්නවානේ ගිවිසුම යටතේ බදුරහිතව අතුණුබහන්, ඌරු මවිල් සිට ඉහළට ඕනෑම දෙයක් ගෙන්වන්න පුළුවනි. හොඳ ඉඩම ටික චීනෙට සහ ඉන්දියාවට විකුණලා බැරිවෙනකොට සිංගප්පූරු අතුණුබහන් මෙහෙ වල දාන්න ගෙනේවි.
Reply : 2 0
Ratnamalala Saturday, 08 September 2018 02:05 AM
මේ ගොල්ලෝ පටන් ගන්නේ හැමදේම ලොකු සද්දෙන්. එ්ත් අන්තිමේදී කරපු මගුලක් නැහැ. මේ රටේ බඩුමිල වැඩිවෙලා මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නේ. ඒවා ගැන පාර්ලිමේන්තුවේ වත් එළියෙවත් ලොකු උද්ඝෝෂණ කරන බවක් දකින්න නැහැ.
Reply : 59 152
anura Saturday, 08 September 2018 02:37 AM
ඔබලාගේ බොරු රඟපෑම්වලින් තවදුරටත් ජනතාව මුලා කරන්න හදන්න එපා. ඔබලා තවත් පක්ෂ වල බළල් අතකි. එම පක්ෂවලට අවශ්‍ය 20 වන සංශෝධනය වැනි අණපනත් එම පක්ෂ වෙනුවෙන් ඔබලා ඉදිරිපත් කරමින් සිටියි. රටට අහිතකර අණපනත් සම්මත කරනකොට ඔබගේ පක්ෂය නිහඬව හිටියා නැතිනම් ඒවාට සහයෝගය දුන්නා.
Reply : 76 323
samak Saturday, 08 September 2018 04:36 AM
හැමදාමත්... කොළ කඩ කඩා බොරුවට දෙනවා! අපි ගහ හොඳ හැටි අඳුරනවා.. අපිට බොරු චාටු එපා!
Reply : 31 190
kap Sunday, 09 September 2018 04:17 AM
කියුබාව එක්ක ගිවිසුම් ගහමු නේ? සිංගප්පුරුව හීනෙන්වත් දකින්න්නෙ නැති , දැකලා නැති එවුන් ගිවිසුම් ගැන කතා කරනවා. අපේ ඕනෙම විරුද්ධ පක්ෂයක් , ආණ්ඩු පක්ෂයක් ගේන හැම දේටම විරුද්ධයි . මේක 1948 ඉදන් වෙන දෙයක්. උන් කරොත් හොද නෑ. අපි කරාම හොදයි..මේක තමයි ලංකාවේ ලාමක දේශපාලනය. ඒකට ආවඩන්නත් " අපි මැරුවත් මේ පාට " කියාගෙන ඉන්න ජනතාවකුත් ඉන්නව
Reply : 16 2
ධනුෂ්ක Sunday, 09 September 2018 04:34 AM
සංවර්ධිත රටවලින් සිංගප්පූරුව හා ජපානය හැර අනික් හැම රටක්ම දේශපාලන,අාර්ථික හා සමාජ සංවර්ධනයට මුල පිරුවේ විප්ලයක් පදනම් කරගෙන. සමහර යුරෝපා රටවල එය සිදු වී අවුරුදු සිය ගනනක්. විප්ලවයේ අර්ථය තමා රටක යහපත් පාලකයෙක් බලයට පත් වුවත්. එ් රට යහපත් කරන්නට නොදෙන පිරිසක් සිටිනවා. එනම් එම යහපත්කම තුළ තම පැවැත්ම නැතිවෙන කොටසක්. එනිසා එම කොටස රටට ඉදිරියට යා නොදි එක තැන පල් කරමින් තම පැවැත්ම රකිනවා ඔවුන් ඉතා බලවත්. එනම් ධනවතුන්, වංශාධිපතියන්, දේශපාලකයන්, රජයේ සේවකයන් මෙය දූෂණ වලල්ලක්. මේ වලල්ල විනාශ කරන්යි විප්ලවය සිදු කරන්නේ එය සිදු නොකර රටකට ඉදිරියට යන්න බෑ. යහපත් පාලනයක් අාවත් ඔවුන් ඊට ඉඩ දෙන්නෙත් නෑ.ලෝක ඉතිහාසය ටිකක් කියවන්න
Reply : 2 1
OMG Sunday, 09 September 2018 06:54 AM
අත්පත්‍රිකා බෙදා ලබා ගත හැකිදේ කුමක්ද? මෙය හුදෙක් පරිසර හානියකට අත්වැල් දීමකි. මෙම අත්පත්‍රිකා කීයෙන් කීදෙනාද කියවන්නේ? කීයෙන් කීදෙනාද කියවල තේරුම් ගන්නේ? කීයෙන් කීදෙනාද ඔලුවට ගන්නේ. එක අතකින් අරන් අනිත් අතින් විසි කරනවා. මේවා තමන්ගේ දේශපාලනය පෙන්වන්න කරන උප්පරවැට්ටියක් පමණයි. සාමාන්‍ය ජනතාවට මේ වගේ දේවල් වලට කාලය යොදවන්න වෙලාව නැහැ.
Reply : 0 1
senaka Sunday, 09 September 2018 12:16 PM
රටක ඉදිරි ගමනට බාධා කරන්නේ ධනවතුන්, වංශාධිපතියන්, රජයේ සේවකයන් පමණක් නොව, හණමිටි අදහස් දරන අයත් ඒ ගණයටම අයිතියි.
Reply : 0 135
NASRUDIN Monday, 10 September 2018 05:38 AM
ජ.වී.පෙ.ටත් අ(පේ) නු(ගත්) ර(ටේ වෙදා) එලවලා දාල නායකත්වයට ප්‍රායෝගික නායකයෙක් පත් කර ගත්තොත් ඊළඟ ඡන්දයකදී චන්ද ප්‍රතිශතය ටිකිරි සොච්චමක් වැඩි කර ගෙන ලාවට සමාජවාදී පුංචිම පුංචි ආතල් එකක් දාගෙන ටිකක් ඇදගෙන ගියොත් අපිත් කියන්නං එම්බල ( රතු ) ( කොළ ) = කළු අලි පැටිය !!! ආහ්... ඔහොම යං... ඔහොම යං ... කියලා. හප්පා කාටද ඉතින් මේවා?
Reply : 0 0
hesa Monday, 10 September 2018 08:41 PM
වසර 70 ක් තිස්සේ නම් නිල් , කොළ මාරුවෙන් මාරුවට ආවා කියනව වසර 45 කටත් වැඩියිනෙ පත්‍රිකා බෙදීමටත්, (භාගයකටත් වඩා වැඩියි)
Reply : 0 1