IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සරසවි සිසුන් ඉවත් කරන්න පොලු මුගුරුත් අරං එයි

තරිඳු ජයවර්ධන
 
අග්නිදිග සරසවියේ පාලනාධිකාරියෙන් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් 21 දෙනා සොයා ශිෂ්‍ය නේවාසිකාගාරවලට පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් සිසුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් අඩත්තේට්ටම් කළ බව සිසුහු පවසති.
 
අද  (16) දහවල් ශිෂ්‍ය නේවාසිකාගාර වෙන පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පිරිසක් සිසුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කරමින් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් ඉවත් කිරීම මෙම සෝදිසි කිරීම කළ බව එහි ආරංචි මාර්ග කියයි. 
 
එලෙස පැමිණි ඇතැම් නිලධාරීන් අත පොලු සහ වෙනත් උපකරණ තිබුණු බව සිසුහු පවසති. 
 
ඡායාරූප - සෝදිසියට පැමණි පුද්ගලයන් පොල්ලක් සහ විශාල කතුරක් අතැතිව.



අදහස් (9)

සරසවි සිසුන් ඉවත් කරන්න පොලු මුගුරුත් අරං එයි

janaka chandana Monday, 16 July 2018 10:02 AM

තාක්ෂණ පීඨයට හරි දේශක මණ්ඩලයක් හිටියා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ... මොකද සුදුසුකම් නැති අය නුසුදුසු තැන්වලට පත්වීම තමා මේවාට හේතුව... නිසි බලධාරියෝ කියලා දාන මිනිස්සුත් දේශපාලකයින්ට කඩේ යනවා... ශිෂ්‍යයින්ගේ ජීවිත විනාශ වෙනවා... මේවා ගැන ඒ මිනිස්සුන්ට ගාණක් නෑ මොකද ඒ අයගේ දරුවෝ හොඳට පිටරටවල් වල ඉගෙන ගන්නවා... ළඟදීම දවසක ශිෂ්‍යයින්ගේ හයිය බලන්න පුලුවන්...

:       209       387

vernon Monday, 16 July 2018 10:15 AM

නිලධාරීන් ඩෙනිම් ඇඳන් ශර්ට් උඩින් දාගෙන එනවද?

:       11       301

දයන්තFriday, 20 July 2018 07:22 PM

නිලධාරීන් කියන්නේ උගත් වැදගත් විනීත මිනිස්සු. ඒ අය පොලු කතුරු අරන් ශිෂ්‍යයින්ට ගහන්න එන්නේ නැහැ.

:       0       14

lankaputha Monday, 16 July 2018 11:29 AM

අග්නිදිග විශ්වවිද්‍යාලය නේද?. එක ජාතියක් වැඩිපුර පාලන අධිකාරියේ ඉන්නවා නේද? අර කතුරක් වගේ එක අරන් ඇවිත් තියෙන්නේ ජාතිය වැඩි කර ගන්න නේද?

:       73       277

saman Monday, 16 July 2018 12:16 PM

කොළඹට ඉතා දුරස්ථ විශ්ව විද්‍යාල වැසිය යුතුය. විශ්ව විද්‍යාල පිහිටිවිය යුත්තේ කර්මාන්ත ආයතන, පර්යේෂණ ආයතන වෙනත් අධ්‍යාපන ආයතන ඇති ප්‍රදේශයක පමණි. සිසුන් අමතරව පුහුණුවීම්, පාඨමාලා හැදෑරීමට ,අර්ධ කාලින රැකියා කිරීමට ඇතිවිට රැකියා වෙළඳපළේදී වැඩි ඉල්ලුමක් ලබයි. කොළඹ සිටින සිසුන් අමතරව cima ,cma වැනි පාඨමාලා හදාරා සරසවියෙන් පිටවන විටම රැකියා ලබති. පේරාදෙණියට සාපේක්ෂව, පසුව පිහිටවූ කැලණිය ,ජයවර්ධනපුර උදාහරණ වේ. මේ හැර සියලුම ජාතින් සිටින ප්‍රදේශයකදී වඩාත් අන්‍ය ජාතීන්ගේ අතර සිටීමෙන් අවබෝධය වර්ධනය වී සංහිදියාවට මඟ පැදේ. කොළඹට ඉතා දුරස්ථ විශ්ව විද්‍යාල වෙනත් සුළු පාඨමාලා සඳහා යෙදවිය හැකිය.

:       11       166

[email protected] Monday, 16 July 2018 05:10 PM

සමන්ගේ අදහස හොද අදහසක්. බදුල්ල වගේ දුෂ්කර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල හදලා තියෙන්නේ ඒ පළාත් වල මිනිස්සුන්ට රැකියා දෙන්න. බස්, කැන්ටින්, පුද්ගලික නේවාසිකාගාර, පිරිසිදු කරන්නන් වගේ ඒ වලින් ඒ මිනිස්සු ජීවත් වෙනවා. ඒත් ළමයෙක්ට රැකියාවක් හොයාගන්න කොළඹට එන්නම පැය 10ක් විතර යනවා. සිකුරාදා ගොඩක් කථිකාචාර්ය වරු දේශන තියන්නේ නෑ ගෙදර යන්න ඕනේ නිසා. එක්කෝ කර්මාන්ත එහෙට යන්න ඕනේ ඒක වෙන පාටක් නෑ අවුරුදු ගානක ඉදලා.

:       2       137

SamarasiriTuesday, 17 July 2018 06:32 AM

පසුගිය කාලේ වුණු හොඳම සැලැස්මක් තමයි හෝමාගම තාක්ෂණික කලාපයක් කිරීම.තාක්ෂණික ආයතන,විශ්ව විද්‍යාල පිහිටුවීම.අනිකුත් ප්‍රදේශ වල මෙවැනි කලාප පිහිටවිය යුත්තේ තවත් වසර ගණනාවකට පසුවයි.හරි ජාතික සැලැස්මක් නැතිකම මෙයට හේතුවයි.

:       1       3

Chanak Los angeles Monday, 16 July 2018 06:06 PM

ඇත්ත ඇති සැටියෙන් කියනවානම් ආසියාතිකයන්ට වඩා බටහිර සමාජය නීතිගරුකයි .

:       10       223

sam Tuesday, 17 July 2018 07:31 AM

දේශපාලනය නවක වදය සරසවි වලින් ඉවත් කල යුතුයි. ළමයිට නිදහසේ අධ්‍යාපනය හදාරා නිසි කාලෙට තමන්ගේ උපාධිය සම්පුර්ණ කරලා රටේ දියුණුවට දායක වෙන්න ඉඩ සදාදිය යුතුයි. අවුරුදු 3-4 උපාධි අවුරුදු 4-5 ඇදෙනකොට කොහොමද රටක් අධ්‍යාපනයක් ඉදිරියට යන්නේ. වැරදි කරන අයට දඩුවමක් දුන්නාම පිළිගන්නේ නැත්තන් කොහොමද විනයක් හදන්නේ. නමුත් පරීක්ෂණය සාධාරණ එකක් විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site