තරිඳු ජයවර්ධන
අග්නිදිග සරසවියේ පාලනාධිකාරියෙන් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් 21 දෙනා සොයා ශිෂ්‍ය නේවාසිකාගාරවලට පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් සිසුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් අඩත්තේට්ටම් කළ බව සිසුහු පවසති.
අද (16) දහවල් ශිෂ්‍ය නේවාසිකාගාර වෙන පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පිරිසක් සිසුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කරමින් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් ඉවත් කිරීම මෙම සෝදිසි කිරීම කළ බව එහි ආරංචි මාර්ග කියයි.
එලෙස පැමිණි ඇතැම් නිලධාරීන් අත පොලු සහ වෙනත් උපකරණ තිබුණු බව සිසුහු පවසති.
ඡායාරූප - සෝදිසියට පැමණි පුද්ගලයන් පොල්ලක් සහ විශාල කතුරක් අතැතිව.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණ පීඨයට හරි දේශක මණ්ඩලයක් හිටියා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ... මොකද සුදුසුකම් නැති අය නුසුදුසු තැන්වලට පත්වීම තමා මේවාට හේතුව... නිසි බලධාරියෝ කියලා දාන මිනිස්සුත් දේශපාලකයින්ට කඩේ යනවා... ශිෂ්‍යයින්ගේ ජීවිත විනාශ වෙනවා... මේවා ගැන ඒ මිනිස්සුන්ට ගාණක් නෑ මොකද ඒ අයගේ දරුවෝ හොඳට පිටරටවල් වල ඉගෙන ගන්නවා... ළඟදීම දවසක ශිෂ්‍යයින්ගේ හයිය බලන්න පුලුවන්...
නිලධාරීන් ඩෙනිම් ඇඳන් ශර්ට් උඩින් දාගෙන එනවද?
අග්නිදිග විශ්වවිද්‍යාලය නේද?. එක ජාතියක් වැඩිපුර පාලන අධිකාරියේ ඉන්නවා නේද? අර කතුරක් වගේ එක අරන් ඇවිත් තියෙන්නේ ජාතිය වැඩි කර ගන්න නේද?
කොළඹට ඉතා දුරස්ථ විශ්ව විද්‍යාල වැසිය යුතුය. විශ්ව විද්‍යාල පිහිටිවිය යුත්තේ කර්මාන්ත ආයතන, පර්යේෂණ ආයතන වෙනත් අධ්‍යාපන ආයතන ඇති ප්‍රදේශයක පමණි. සිසුන් අමතරව පුහුණුවීම්, පාඨමාලා හැදෑරීමට ,අර්ධ කාලින රැකියා කිරීමට ඇතිවිට රැකියා වෙළඳපළේදී වැඩි ඉල්ලුමක් ලබයි. කොළඹ සිටින සිසුන් අමතරව cima ,cma වැනි පාඨමාලා හදාරා සරසවියෙන් පිටවන විටම රැකියා ලබති. පේරාදෙණියට සාපේක්ෂව, පසුව පිහිටවූ කැලණිය ,ජයවර්ධනපුර උදාහරණ වේ. මේ හැර සියලුම ජාතින් සිටින ප්‍රදේශයකදී වඩාත් අන්‍ය ජාතීන්ගේ අතර සිටීමෙන් අවබෝධය වර්ධනය වී සංහිදියාවට මඟ පැදේ. කොළඹට ඉතා දුරස්ථ විශ්ව විද්‍යාල වෙනත් සුළු පාඨමාලා සඳහා යෙදවිය හැකිය.
සමන්ගේ අදහස හොද අදහසක්. බදුල්ල වගේ දුෂ්කර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල හදලා තියෙන්නේ ඒ පළාත් වල මිනිස්සුන්ට රැකියා දෙන්න. බස්, කැන්ටින්, පුද්ගලික නේවාසිකාගාර, පිරිසිදු කරන්නන් වගේ ඒ වලින් ඒ මිනිස්සු ජීවත් වෙනවා. ඒත් ළමයෙක්ට රැකියාවක් හොයාගන්න කොළඹට එන්නම පැය 10ක් විතර යනවා. සිකුරාදා ගොඩක් කථිකාචාර්ය වරු දේශන තියන්නේ නෑ ගෙදර යන්න ඕනේ නිසා. එක්කෝ කර්මාන්ත එහෙට යන්න ඕනේ ඒක වෙන පාටක් නෑ අවුරුදු ගානක ඉදලා.
ඇත්ත ඇති සැටියෙන් කියනවානම් ආසියාතිකයන්ට වඩා බටහිර සමාජය නීතිගරුකයි .
දේශපාලනය නවක වදය සරසවි වලින් ඉවත් කල යුතුයි. ළමයිට නිදහසේ අධ්‍යාපනය හදාරා නිසි කාලෙට තමන්ගේ උපාධිය සම්පුර්ණ කරලා රටේ දියුණුවට දායක වෙන්න ඉඩ සදාදිය යුතුයි. අවුරුදු 3-4 උපාධි අවුරුදු 4-5 ඇදෙනකොට කොහොමද රටක් අධ්‍යාපනයක් ඉදිරියට යන්නේ. වැරදි කරන අයට දඩුවමක් දුන්නාම පිළිගන්නේ නැත්තන් කොහොමද විනයක් හදන්නේ. නමුත් පරීක්ෂණය සාධාරණ එකක් විය යුතුයි.