
(රංජිත් රාජපක්ෂ)
ශ්‍රි පාද වන්දනා වාරය මෙම 17 වැනි දායින් අවසන් බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවැසූහ.
ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවති සාකච්ඡාවකදී ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ මේ බව කීහ.
වෙසක් පොහෝ දින සහ පසු දින ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමට හැකි බවත්, (17) දින දහවල් ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන්වලින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුද හමුදා භට පිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත් , නල්ලතන්නිය ලක්ෂපාන කළුගල යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ දක්වා වැඩම කරවීමට නියමිත බව ද ධමමදින්න හිමියෝ කීහ.


2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්‍රීපා වන්දනා සමය 17 වැනිදායින් අවසන්