
(යොහාන් භාසුර)
'ඇෆ්ලටොක්සීන්' නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් කිලෝ 105000 ක් සහිත කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායෙන් අද (12) මීට සුළු වේලාවකට පෙර නැව් ගත කළේය.
බාර්බරා භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් මෙම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරයි.
කටාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයිතියි මෙම පොල්තෙල් තොගය රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුක්ත බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේනවා.... ආපහු යවනවා.... මෙවායින් අතිවෙන ගාස්තු කවුද ගෙවන්නේ?
නියම ගවේෂණාත්මක ජනමාධ්‍යයක්.. නියමයි. කම්පැනි වල අයිතිකරුවන්ගේ නම් කිව්වෝත නරකද ?
මේ වගේ කන්ටේනර් පෙට්ටිවලින් පොල්තෙල් බිමට වැටෙන්නේ නැද්ද? නොතේරෙන කමට අහන්නේ? අනෙක ඕවා යැව්වාම කියලා හිතුවත් ඒ රටවල්වල ඉන්නේ මනුස්සයෝ නෙවෙයිද? මේවා කිසිසේත්ම පිළිගත හැකි සහ අනුමත කළ හැකි දේවල් නොවේ.
මේ පොල්තෙල් ගෙන්වපු අය කවුද කියලා ගමේ ග්‍රාමසේවක මහත්තයා ළඟවත් පැමිණිල්ලක් කරලා බලන්න.
ඔහොම මාධ්‍යවල පෙන්නුවට කවුද දන්නේ කන්ටේනරයේ තියෙන්නේ විෂ පොල්තෙල් කියලා..? ඔහොම කන්ටේනරයක් නැවකට පටවන පෙන්නලා ගෙනාපු පොල්තෙල් වෙළඳපලේ සාධාරණයක් වෙනවද කියලා කවුද දන්නේ? මේ රටේ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.