
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික මතක සටහනක් වන ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු කුඩා බොහෝදෙනා ’බන්දු අයියා’ ලෙස ආමන්ත්‍රණය කළ වර්ණපුර මහතාගේ අවමංගල උත්සවයට ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, රොෂාන් මහානාම, රෝයි ඩයස්, නිශාන්ත රණතුංග, ෆර්විස් මහරුෆ්, තිළිණ තුෂාර මිරැන්ඩෝ, අශෝක ද සිල්වා, ධම්මික රණතුංග, උපුල් තරංග, නුවන් කුලසේකර, තරංග පරණවිතාන සහ චාමර කපුගෙදර යන හිටපු ක්‍රීඩකයෝ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් සඟයාගේ දේහය කරමත තබාගෙන අවසන් කටයුතු සඳහා රැගෙන ගියහ.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)




COMMENTS
ගෞරව කරනවා
බන්දුල වර්ණපුර මහතාණෙනි,ඔබට අමා මහා නිවන්සුව අත්වේවා !
ඔබට නිවන් සුව!
ඉතාමත් කෙටි භාවගමන්කින් යුක්තව ලෝ දහම අවබෝධකරගෙන සසර ගමන නිමවේවා.!
නිවන්සුව පතමු.!
බන්දුල වර්ණපුර මහතාණෙනි, ඔබට නිවන්සුව අත්වේවා.
ක්‍රිකට් වීරයානනි ඔබට නිවන් සුව පතන අතරම ඔබ ආරම්භ කීරීමට යන නව ඉනිමට සුභපැතුම්.
අනේ මේ අපේ ක්‍රිකට් ගහපු එක්කෙනාද? නිවන් සුව
ඔහු තම රාජකාරිය හොඳින් කළේය.
අපගේ ක්‍රිකට් විරයාණනි ඔබට නිවන් සුව අත්වේවා....!!!