(රංජන් කස්තුරි සහ ඩබ්ලිව්.ඒ.පියතිලක)
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ‘‘ජාතික වෘක්ෂවේද විශේෂිත රෝහල‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) ජනතා අයිතියට පත් කරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා කියයි
2015 වසරේදී චීන සංචාරය කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිටිසේන මහතා කළ ඉල්ලීමකට අනුව චීන රජය එම පරිත්‍යාගය කර තිබිණි.

(රංජන් කස්තුරි සහ ඩබ්.ඒ. පියතිලක)
රුපියල් කෝටි 1200 ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහලෙහි ඇඳන් 200කින් හා රුධිර කාන්දුකරන ඇඳන් 100ක් අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.
නවීන තාක්ෂණයෙන් යුත් බාහිර හා නේවාසික ප්‍රතිකාර ඒකක සහිතව ඉදිකෙරෙන මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට අංග සම්පූර්ණ නේවාසික පහසුකම්වලින් යුක්තය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටන්ගේ තවත් හොඳ වැඩක්..!!!
ඒ කියන්නේ දකුණු ආසියාවේ වැඩිම වකුගඩු රෝගීන් ඉන්නේ ලංකාවේද?
එහෙනම් ඉතින් හෙට ඉඳන් ජනතාවගේ නියෝජිතයෝ කියන කට්ටිය ඒකේ පාලනය අතට ගනියි රෝහල ජනතාවට අයිති නිසා...
ගිය ආණ්ඩුවේ වැඩක්. අඩුගණනේ නමවත් කියයිද දන්නේ නෑ. මේ ගොල්ලෝ නෙලුම් කුළුණු හදනකොට ඒ ගොල්ලෝ රෝහල් හැදුවා.
ආණ්ඩුව කොහොම හරි ජනතාවට ඕනේ දේවල් හැදුවා මේ අයගේ ආණ්ඩුව හදන්නේ ඒ අයට ඕනෑ දේවල් මින් හැදුවා වගේ ඕපන් කරයි...
චීන රජය මෙවැනි පරිත්‍යාග කරනකොට චීනය හොඳයි. අනිත් වෙලාවට චීනය නරකයි.
කවුරු මොනවා කිව්වත් මේකත් මෛත්‍රිපාලගේ වැඩක්...!!!
අපේ රජරට ගොවි පුත්‍රයා " මෛත්‍රීපාල සිරිසේන " ජනාධිපතිතුමාට කෝටි ප්‍රකෝටි වාරයක් පින් සිදුවෙන්න ඕනෑ මේ කළ සත් ක්‍රියාවට. බුදුන් දැක නිවන් දකින්නම ඇති ඔබතුමා කළ මේ මහා පිංකම...
වැඩේ හොඳයි... ඒත් මම හිතන්නේ ගරාජ් හදන්න සල්ලි වියදම් කරනවාට වඩා වාහන ලෙඩ නැතිව දුවන්න ක්‍රමයක් තිබුණා නම් නේද වටින්නේ..?
ලංකාවේ හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන සහ එහි බරපතලකම ගැන ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනා දන්නේ නෑ. අවුරුද්දකට රෝගීන් 40,000ක් පමණ අලුතින් හඳුනාගන්න මේ රෝගයෙන් වසරකට 4000-6000ත් අතර ප්‍රමාණයක් මිය යනවා. මේකට ප්‍රධානම හේතුව රසායනික පොහොර, වල්නාශක සහ කෘමි නාශක වල අධි සාන්ද්‍රණ වලින් තිබුණු ආසනික් සහ කැඩ්මියම් වැනි බැර ලෝහ බව කැලණිය, ජයවර්ධනපුර සහ කොළඹ විශ්වවිද්‍යාල වල රසායන විද්‍යා පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. ඒක නිසා රසායනික පොහොර වගේම, වල් නාශක, කෘමි නාශක පාලනයත් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම කාබනික පොහොර ගෙන්නනවා නම් සෑම ආනයනයකම බැරලෝහ පරීක්ෂාවක් කරන්න ඕනේ. බැර ලෝහ පසට එකතු වුණොත් ඒ තත්ත්වය සමනය වෙන්න වසර ලක්ෂ ගාණක් යනවා.
කෝටි ගණන් අපරාදේ... මීට වඩා හොඳයි පාලකයින්, නාලධාරින් එකතු වෙලා මිනිස්සු ලෙඩ්ඩු කරන්නේ නැතිව හිටියා නම්... මේ සාපයෙන් නම් ගොඩ එන්න බැහැ.
කිසිම පාලනයකින් තොරව පොහොර පොල්තෙල් සහ ආහාර ද්‍රව්‍ය ගෙන්වීමෙන් කොමිස් ගන්න අයත් ඉන්නවා
දැන් විස පොල් තෙල් ගෙන්වන්න පුලුවන්
ඒ කියන්නේ දකුණු ආසියාවේ වැඩිම වකුගඩු රෝගීන් ඉන්නේ මේ රටේ... රටක රෝහල් අඩුකරන වදිහටයි, රටවල් වැඩකළ යුත්තේ. මිනිස්සු නිරෝගිමත් කරලා සෞභාග්‍යමත් රටක් හදන්නයි අවශ්‍ය වන්නේ...
අන්න හරි මොනදේ කළත් අඩුම ගාන දකුණු ආසියාවේවත් ලොකුම එක වෙන්න ඕනේ. දහ අතේ ණයවෙලා හරි, අටෙන් භාගයක්ම ලියලා දුන්නත් කමක් නැහැ. අපිට ඕනේ වාර්තා බිඳීම තමයි...
අඩුගානේ හිටපු ජනපතිට මේකට ආරාධනා කළොත් පුදුමයි. ආණ්ඩුවත් අන්තිමටම වැටිලා...
මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව නෙවෙයි මහජනයාගේ ජීවිතයට තියෙන අවදානම. වස චුට්ට චුට්ට කවකවා උසම ඒවා, දිගම ඒවා, ලොකුම ඒවා හද හද ඉන්න තමයි තියෙන්නේ... රටේ මිනිස්සුන්ට එන්නත් ගේන්න සතයක් වියදම් කරන්න ලෝබයි. හැබැයි සැප වාහන ගන්න ඒවාට උඩින්ම....
වෘක්ක වේද නේද?
ගරු හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිතුමනි. ඔබ රටට අවශ්‍ය දේවල් රටට ලබාදුන්නා. නිකරුනේ බොරු වැඩ කරලා මුදල් අපතේ ඇරියේ නෑ. එව්වට හොඳ උදාහරණ තමයි ඔය පේන්න තියෙන්නේ. ඔබගේ පාලන කාලයේ කරපු ගොඩක් දේවල්වල ප්‍රතිඵල අපි අද අත් විඳිනවා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඔබ කටයුතු කළානම් ලංකාවේ හිටිය හොඳම ජනාධිපති ඔබ වන්නට තිබුණා. එතරම් වැඩ ප්‍රමාණයක් ඔබ කළා.
පින්තූර දැක්කාම "විලිලැජ්ජා නැතිකම ඇමතිකමටත් වැඩිය ලොකුයි" කියලා කියන්න හිතුණා. මොකද මන්දා...?
තවත් චීන උතුම් ක්‍රියාවක්.. ඒත් දැන් මේ වගකීම් පැවරිලා තියෙන්නේ අපේ අයටයි... වකුගඩු ජාවාරම් කරුවන්ගේ පැමිණීම වළක්වා ගන්න හැකි වුණොත් ලොකුදෙයක්...
අන්න අපේ සර්ගේ වැඩ...!!!
එ කියන්නේ ලංකාවේ තමයි විශාලම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ කියන එක නේද...? රෝහල් හැදෙන්නේ ඒකට වෙනම එ් රෝගය බරපතල ආකාරයෙන් පැතිරී ඇති බව කියන්න නේද...? රෝහල හදපු එක හොඳයි රෝගීන්ට සහනයක් ගන්න පුලුවන්... නමුත් රෝගී තත්වයට වැටෙන්නැති වෙන්න එය පාලනය කර ගන්න විසඳුමක් රජයෙන් අරන් නැහැ කියලා එයාලගේ දුර්වලතාව තමයි පෙන්නුම් කරන්නේ..