IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


සෞඛ්‍ය අංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් අරියි

මාසය අගදී දිනකට රෝගීන් විසිපන්දාහක්? 

(අජන්ත කුමාර අගලකඩ)   

 ⁣කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.   
 ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් දෙදහසකට අධික පිරිසක්

මේ වනවිට වාර්තා වන අතර එය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන් විසිපන්දහසකට, තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ .   


 කොවිඩ් තෙවැනි රැල්ල රට තුළ වේගයෙන් පැතිර යන සහ ඉක්මනින් බෝ වන ප්‍රභේදයක් බවත්, රෝගීන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඔක්සිජන් ආධාරක සැපයුම් මත රදා පවතින තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.   


 රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වැඩි වුවහොත් වාර්තාවන රෝගීන්ගෙන් දෙදහස් පන්සියයේ සිට 3000 දක්වා පිරිසක් මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ඇති බවත්, රෝගීන් නව සියයත් දහසත් අතර පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අනුමාන කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.   
 මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.   


එම එක් අධි සත්කාර ඒකකයක රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සකස් කරනු ඇත.   
 දිස්ත්‍රික් 25 තෝරා ගත් රෝහල් විසිපහක මෙම අධි සත්කාර ඒකක ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත. 

 



අදහස් (0)

සෞඛ්‍ය අංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් අරියි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 106 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 68 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 207 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 182 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 584 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2072 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1814 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site