(දයාසීලි ලියනගේ)
විදුලිය අර්බුදයට විසඳුමක් වශයෙන් වසර තුනක කාලයක් සඳහා පිටස්තරයන්ගෙන් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 95ක (කෝටි 9500) වියදමක් දැරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය ගණන් බලා ඇතැයි වාර්තා වේ.
විදුලිය අවශ්‍යතාවට සරිලන පරිදි සැපයීමට නොහැකිවීමෙන් විදුලිය කප්පාදු කිරීම වැළැක්වීම සඳහා අධික මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.
මේ අතර පසුගිය 27 වැනිදා සිට පෙබවාරි 4 වැනිදා දක්වා කාලයට විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කරන ලද ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා රුපියල් බිලියන 32 ක ආර්ථික හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇති බවද ගණන් බලා ඇත.
මේ වන විට විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 22,000ක් ඉක්මවා ඇති බවද සඳහන් වේ.
මේ අතර හදිසි විදුලිය මිලදී ගැනීමේදී දරන්නට සිදුවන අතිරේක වැය බර පිළිබඳ වගකීම, මීට පෙර බලාගාර 3ක් ඉදිකිරීම ප්‍රමාද කළ මණ්ඩලයේ නිලධාරී සතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එච්.එම්.සී. ෆඩිනැන්ඩු මහතා විසින් වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය ඩී.සී.ආර්. අබේසේකර මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
මෙගාවොට් 150ක ධාරිතාවයෙන් යුතු ගෑස් බලාගාරය මෙ.වො. 300ක ධාරිතාවයෙන් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය, මෙ.වො. 300ක් ධාරිතාවය ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තිබුණා නම් මෙ.වො. 750ක ධාරිතාවක් ලබා ගැනීමට හැකි වන අතර එම ධාරිතාව නොමැති වීම නිසා අධික මුදලක් වැය කර හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇති බව ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වසර තුනකට විදුලිය පිටින් ගත්තොත් වියදම රුපියල් බිලියන 95යි