IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


රටවල් තුනකින් ලොකු ණයක් ගනියි

  • චීනයෙන් ​ඩොලර් කෝටි 150ක්
  • ඉන්දියාවෙන් ඩොලර් කෝටි 40ක්
  • බංග්ලාදේශයෙන් ​ඩොලර් කෝටි 25ක්

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ, රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක්  ලබා ගැනීමට රජය තීරණය කර ඇත. 

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක් ද, බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක් ද, චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද මේ යටතේ ලබා ගැනෙනු ඇත . 


ඉන්දියාවෙන් හා  බංග්ලිදේශයෙන් ලබා ගැනෙන  ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත. 


ඉන්දියාවෙන් ලබා ගන්නා ඩොලර් කෝටි 40 ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර, බංගලිදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25 ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය. 


චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල  දිගුකාලීන ණයක්  ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ  ආරංචි මාර්ග කියයි. 


ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර, එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය. 


විදේශ විනිමය සංචිතවලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්, විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්,  ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත.

 



අදහස් (0)

රටවල් තුනකින් ලොකු ණයක් ගනියි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 102 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 66 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 206 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 182 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 573 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2051 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1802 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site