සුජිත් හේවාජුලිගේ
එළවළු, පලතුරු, සීනි ඇතුළු රස කැවිලි ආනයනය සඳහා මේ වසරේ මුල් මාස අටේදී (ජනවාරි සිට අගෝස්තු දක්වා) රුපියල් කෝටි එකොළොස් දහස් නවසිය දාහතරක් (11,914) වැයකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මෙයට අමතරව ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්ත නිෂ්පාදන සඳහා කෝටි 8170ක්ද සත්ව නිෂ්පාදන සඳහා කෝටි 4992ක්ද විවිධ පාන වර්ග සඳහා කෝටි නවසිය හතළිස් හයක්ද ගෘහ භාණ්ඩ සඳහා කෝටි 2398ක්ද සුවඳ විලවුන් සඳහා කෝටි නවසිය තිස් දෙකක්ද කුළු බඩු සඳහා කෝටි 2742ක්ද පෞද්ගලික වාහන ගෙන්වීම සඳහා කෝටි 175ක්ද වැයකර ඇති බව මහාචාර්යවරයා කීවේය.
මේ භාණ්ඩ ගෙන්වා ඇත්තේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබියදී වීම විශේෂත්වයකි.
එළවළු සහ පලතුරු මේ රටේ සුලභව පවතින අතර ඒවා විදේශයෙන් ගෙන්වීමට මේ ආකාරයට මුදල් විශාල වශයෙන් යෙදවීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ අතර මේ වසරේ මුල් මාස අටේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8.90ක් වන අතර එම කාලයේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 12.8කි.
ඒ අනුව ආනයන අපනයන වෙනස හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක හිඟයක් රටේ පවතින බව වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවැසීය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රටම හිඟමනේ යද්දී කෝටි එකොලොස්දාහක රට කෑම ගෙනත්