IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


යුද හමුදාව ලක්ෂෙට බස්සයි

අජන්ත කුමාර අගලකඩ

ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් ගණන ලබන  2030 වෙන විට ලක්ෂයක් පමණ  දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර ඇත. යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇති අතර, එය හරි අඩකින් පමණ අඩු කිරීම රජයේ ඉලක්කය වී තිබේ.


මේ  සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය, වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,ලබන 2030 වෙන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂයක් පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ය.

ඒ පිළිබඳව  හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි ඔහු කීවේය.


දෙලක්ෂය ඉක්මවන යුද හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂයක් පමණ දක්වා අඩුකර, යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක්  බවට පත් කිරීම රජයේ සැලසුම් වී ඇතැයි ඔහු  කීවේය.


මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී ඇතැයි  ඇමති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ අතර, සිවිල් ආරක්ෂක බළකායේ තිස් තුන් දහසක පමණ පිරිසක් සිටින බව කී ඇමතිවරයා, එය ද විශාල වශයෙන් අඩු කිරීමට සැලසුම් කර ඇතැයි කීවේය.
යුද හමුදාවේ 4,000 ක පමණ පිරිසක් ද සිවිල් ආරක්ෂක බළකායේ 4000 ක පමණ පිරිසක් ද ආගමික ස්ථානවල කටයුතු සඳහා යොදවා ඇතැයි කී ඇමතිවරයා, එම පිරිස ද අඩු කිරීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කළේය. මේ අතර, හමුදා සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් වැඩබිම්වල ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා ඇති අතර,ඒවා ද යම් සීමාවකට යටත් කිරීමට සැලසුම් කර ඇතැයි ඇමති තෙන්නකෝන් මහතා කීවේය.

 



අදහස් (0)

යුද හමුදාව ලක්ෂෙට බස්සයි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 88 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 62 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 199 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 178 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 107 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1972 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1730 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site