IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


මූල්‍ය අරමුදලට යනවාද තීන්දුව හෙට

කැබ්නට් රැස්වීමේදී සාකච්ඡාවක් 

(අජන්ත කුමාර අගලකඩ)

රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි එම් එෆ්) යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (13) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් ව ඇති අතර, ඩොලර් හිඟයට ක්ෂණික විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව ආණ්ඩුවේ පිරිසකගේ අදහස වී ඇත. තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හරහා විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදුවන බව ය. 

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


 රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීම සඳහා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ද හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා ඇත. 


 රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇ​ෙමරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ දක්වා අඩු වී ඇති අතර, එයින් ද ඩොලර් වශයෙන් ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1100ක් පමණ බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 


 ලංකාවේ ආනයන වියදම සැලකිල්ලට ගත් විට මෙම ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ සති දෙකක පමණ කාලයකට බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

 

 

 



අදහස් (0)

මූල්‍ය අරමුදලට යනවාද තීන්දුව හෙට

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 127 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 72 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 214 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 188 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 636 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2136 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1857 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site