අජන්ත කුමාර අගලකඩ
පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන දෙකක් ඉදිරි කාලයේ දී ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන ආයතන සඳහා තරුණ නියෝජනය සියයට 25 ක් කිරීම සහ ඡන්දයෙන් තෝරාගන්නා සභිකයන් ගණන අටදහසේ සිට පන්දහසක් පමණ දක්වා අඩු කිරීම යන සංශෝධන ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ අතර, පළාත් පාලන ආයතනවල සභිකයන් ගණන අඩු කිරීම සහ කොට්ඨාස ගණන අඩු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවේ වාර්තාව ලබන මාසයේදී ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
ඒ අනුව සභිකයන්ගේ ගණන අඩු කිරීම සහ කොට්ඨාස ගණන අඩු කිරීම සම්බන්ධයෙන් වන සංශෝධනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට ඇත.
තරුණ නියෝජනය සියයට 25 ක් කිරීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පදනම් කරගනිමින් සකස් කෙරෙන පනත් කෙටුම්පත ද ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණය ලබන මස 9 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇති නමුත්, මුදල් නොලැබීම හා පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් එදිනට මැතිවරණය පැවැත්විය නොහැකි බව කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ද දැනටමත් දැනුම් දී ඇත.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය ලබන 9 වැනිදා පැවැත්වීමට නොහැකි වන අතර, පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒම හේතුවෙන් එය තවදුරටත් කල් යනු ඇතැයි ද වාර්තා වේ.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුංචි ඡන්දයට බලපාන අලුත් පනත් දෙකක්