IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ඉවත් කිරීම කල් යන වැඩක් ?

දයාසීලි ලියනගේ  

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවට සම්මත කරනු ලැබුවත්, එය ක්‍රියාත්මක වීමට තවත් දීර්ඝ කාලයක් ගතවන බව නීතිවේදීහු පෙන්වා දෙති.  


මෙම සංශෝධනය නීතිගත වීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලබන සතියේදී අත්සන් තබනු ඇතැයි කතානායක කාර්යාල ප්‍රකාශකයෙක් කීය.  

පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් ඉන් ඉවත් කිරීම කරුණු දෙකක් මත සිදුවිය යුතු අතර ඒ සඳහා කතානායකවරයාට බලයක් නොමැති බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා හා ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා යන මහත්වරු සඳහන් කරති.  


පළමු කරුණ වන්නේ ද්විත්ව පුරවැසි තහනම ක්‍රියාත්මක කළ යුතු වන්නේ කවදා සිට ද යන්න පිළිබඳව කතානායකවරයා විසින් අධිකරණයෙන් අර්ථ කථනයක් ලබා ගැනීමට සිදු වී තිබීමය. දෙවැන්න එයට අදාළ මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම බව ඔවුහු පෙන්වා දෙති. ද්විත්ව පුරවැසියන් වන මන්ත්‍රීවරුන් 10 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවට කතාබහක් පැවතුනත් ඒ කිසිවෙක් සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවන තත්ත්වයක් පවතී. එබැවින් ඔවුන් ඉවත් කිරීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.  


ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව පවරා තිබූ නඩුව විභාගකර අවසන් කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ගත වූ බව ද සඳහන් වේ. එබැවින් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ද්විත්ව පුරවැසියන්ට ඒ බව අධිකරණයෙන් තහවුරු කර තීරණයක් ලබා දෙන තුරු මන්ත්‍රී පදවියේ රැඳී සිටීමට අවස්ථාව උදාවනු ඇත.  


මේ අතර ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.



අදහස් (0)

ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ඉවත් කිරීම කල් යන වැඩක් ?

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 17 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 43 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 176 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 169 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 370 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1598 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site