උපුල් වික්‍රමසිංහ
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිටුව සහ ශ්‍රී ලංකා රජය අතර එළැඹෙන සතියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
එම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සහභාගි වෙන බව ද දැනගන්නට ලැබේ.
පසුගිය 20 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කොට තිබූ නිවේදනයක දැක්වෙන්නේ ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඉදිරි දින කිහිපයේ යුරෝපයේදී පෞද්ගලික ණය හිමියන් නියෝජනය කරන කමිටුව මුණ ගැසී මේ ගැන සාකච්ඡා කිරීමට නියමිත බවය.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12 ක ණය ප්‍රමාණයක් (ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිත අතර, ඊට අදාළව ශ්‍රී ලංකා රජය හා පෞද්ගලික ණය හිමියන් අතර යෝජනා ද මීට පෙර හුවමාරු විය. අවසන් වරට ශ්‍රී ලංකා රජය එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සිය යෝජනාව පසුගිය මාසයේදී එම ණය හිමියන්ගේ කමිටුවට යොමු කර තිබිණ.
මේ වසරේ ජුනි වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුමට එළැඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබූ අතර, ඒ අනුව ද්වීපාර්ශ්වීය ණය (චීනය, ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවලින්) ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා එහි අවසන් අදියරේ පවතින බව දැනගන්නට ඇත. එහෙත් ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගෙන් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව මෙතෙක් මූලික එකඟතාවකට හෝ පැමිණීමට නොහැකි වී ඇති අතර, එය රජය හමුවේ පවතින ප්‍රධාන අභියෝගයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශේෂඥයකු පැවසුවේ පෞද්ගලික ණය හිමියන්ගේ ණය කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තීරණාත්මක බවත්, අවම වශයෙන් එම ණයවලින් සියයට 30 ක කප්පාදුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවත්ය. එසේම ද්වීපාර්ශ්වීය ණය හා වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් එකම අවස්ථාවක අස්සන් කිරීම වැදගත් බව ද එම විශේෂඥයා කීවේය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා