IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති පුටුවට සිව්කොන් සටනක්

රනිල් - සජිත් - ඩලස් - ෆොන්සේකා තරග බිමේ

අජන්ත කුමාර අගලකඩ   

නව ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිව් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.   
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් සිව්දෙනාම ජනාධිපති ධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.   


රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමැතිවරුන් දෙදෙනකු මූලිකත්වය ගෙන සිටින බවද දැනගන්නට ඇත.   
පොදුජන පෙරමුණේ ප්‍රබලයකු එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින්, රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ලෙස, ඉල්ලීම් කරමින් සිටින බවද වාර්තා වේ.   
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද ඔහුට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.   


මේ අතර, ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අතර, හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද අලහප්පෙරුම මහතාට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.   


මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි දැනගන්නට තිබේ.   


එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට ද, තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට ද, තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාට ද සහාය දීමේ පිළිවෙතක සිටින බව දැනගන්නට තිබේ.   


මේ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද, මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.


නව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී ලබන බදාද‌ා (20) සිදුකෙරේ.
ඒ අනුව, ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා නාම යෝජනා කැඳවීම අනිද්දා (19) සිදුකිරීමට  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.


ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා පාර්ලිමේන්තුව සෙනසුරාද‌ා උදේ 10.00ට රැස්වීමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

ජනපති පුටුවට සිව්කොන් සටනක්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 15 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 43 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 171 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 168 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1748 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1577 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site