IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ඡන්දයට කඹ ඇදීම දිගටම

අජන්ත කුමාර අගලකඩ   

කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනිදා පැවැත්වීම සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති නමුත්, මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත්, මෙතෙක් එම මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනි දා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළේය.   


මේ අතර, පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වැනිදා සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට ද කොමිෂන් සභාව යෝජනා කර ඇත.   
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මුලින් තීරණය කර තිබුණ ද, මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන්, එය කල් දමනු ලැබීය.   


මේ අතර, මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉකුත් දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.   


තත්ත්වය එසේ වුවද මුදල් අමාත්‍යාංශය අදාළ මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිකුත් කර නොමැති බව දැනගන්නට තිබේ.   


මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඉකුත්දා කොමිෂන් සභාවට කැඳවනු ලැබුව ද ඊට සහභාගි වූයේ පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය පමණි.   


ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බැවින්, තමා ඊට සහභාගී නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.   


ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ මුදල් ලබා දෙන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවය.   


මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඉකුත් බදාදා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන ලෙසය.   


ඒ සමගම ඇය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසටය.   


එසේ වුවද පවතින තත්ත්වය හමුවේ ඇතිව තිබෙන කඹ ඇදිල්ල හේතුවෙන් මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නොහැකි වනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

ඡන්දයට කඹ ඇදීම දිගටම

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 20 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 43 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 176 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 170 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1771 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1602 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site