අජන්ත කුමාර අගලකඩ
පළාත් පාලන මැතිවරණය සඳහා මෙවර අය වැයෙන් මුදල් වෙන් කර ඇති නමුත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒ සඳහා මුදල් ලබාදීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශය ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දැනුම්දීම පදනම් කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ආර්ථික තත්ත්වය හමුවේ මැතිවරණය මාස කිහිපයකින් කල් දමන්නැයි ලබන 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි දාහක මුදලක් පසුගිය අයවැය ලේඛනය මගින් වෙන් කෙරිණි. එසේ වුවද පවතින ආර්ථික තත්ත්වය හමුවේ, මැතිවරණය සඳහා මුදල් නිදහස් කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම වළක්වන ලෙස සහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙක ලබන 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනෙන අතර මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස ඉල්ලා රජය වෙනුවෙන් එදින යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වේ.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවතින බවය. මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1000 ක මුදලක් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක්ද කර ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඡන්දෙට දෙන්න සල්ලි නෑ : යෝජනාව 8 වැනිදා පාර්ලිමේන්තුවට