IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


කාර්ය මණ්ඩල තනතුරු මන්ත්‍රී පවුල් අතරේම

පඩි නඩි දීමනා ගෙදරටම බෙදාගෙන

(සුජිත් හේවාජුලිගේ)  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා බිරිඳ, දූ පුතුන් සහ පවුලේ කිට්ටුවන්ත ඥාතීන් පත් කරගෙන සිටිතියි පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ. 
සෑම මන්ත්‍රීවරයකුටම සිය කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් සහ සේවකයන් හය දෙනකු බඳවා ගැනීමට අවස්ථාව හිමිවන අතර ඒ සෑම නිලධාරියකු සහ සේවකයකු වෙනුවෙන්ම රුපියල් තිස් පන්දහසත් හතළිස් දහසත් අතර මුදලක් රජය විසින් ගෙවනු ලබන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලික ලේකම්වරයෙක්, සමීක්ෂණ නිලධාරියෙක්, රියැදුරෝ දෙදෙනෙක්, ලඝු ලේඛකයෙක් සහ කාර්යාල කාර්ය සහයකවරයෙක් ඇතුළත් වෙති.  
මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පෞද්ගලික ලේකම්වරුන් වශයෙන් පත්කරගෙන සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.  


පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ලැබෙන වැටුප් පවුල අතරේම රඳවා තබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇතැයි වාර්තා වේ.  


අදාළ මන්ත්‍රීවරයාගේ යෝජනා අනුව කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙලෙස පත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය විසිනි.  


මේ අතර ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් සහ සේවකයන් දොළොස් දෙනකු පත්කර ගැනීමට අවස්ථාව හිමිවන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (0)

කාර්ය මණ්ඩල තනතුරු මන්ත්‍රී පවුල් අතරේම

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 125 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 72 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 213 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 188 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 633 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2132 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1854 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site