අජන්ත කුමාර අගලකඩ
ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්‍යධූර දහය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වන අතර,ඉන් විසි දෙනෙක් දැනටමත් පත්ව සිටිති.
ඉදිරියේ දී සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, අලුතින් අමාත්‍යවරුන් දස දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර,එම අමාත්‍යධුර දහය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි දැනගන්නට තිබේ.
අමාත්‍යධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු , සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 8 අට දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.
මේ අතර, සමගි ජන බලවේගයේ ද රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්වී අමාත්‍යධූර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට තමා සූදානම් බව රාජිත සේනාරත්න මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් එකඟතාවක් පළ කර නැතැයි වර්තාවේ.
සමගි ජන බලවේගයේ ද ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමැති පුටු දහයට පොරයක්