IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


අස්වෙන්න එපා පොහොට්ටුවෙන් අගමැතිට බලපෑම්

සියලු පක්ෂ නායක එකඟතාවෙන් නව අගමැතිවරයකු පත් කරන්න ජනපති සූදානම්

(අජන්ත කුමාර අගලකඩ)   

නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ද පත්වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ නම භාවිත කරමින් බැවින්, අගමැතිවරයා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නැතැයි එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.   


රටේ ඇතිව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉවත්වූ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පක්ෂ නායකයන් සමඟ ජනාධිපති මන්දිරයේ පෙරේදා (29) පැවති සාකච්ඡාවේදී එකඟතාව පළකර ඇත.  
එම නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවෙන් නම් කිරීමටත් යෝජනා වී ඇත. 


ආණ්ඩුවට උපදෙස් දීම සඳහා පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික උපදේශක සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත. ඇතිව තිබෙන අර්බුදය සමනය කිරීම සඳහා නිශ්චිත කාලයකට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.   


මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ද අගමැතිවරයා වෙනුවෙන් හිටපු ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දිගින් දිගටම පෙනී සිටි බව වාර්තා විය.   


අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් සහ පළාත් සහාවල හිටපු මන්ත්‍රීවරුන් ඉකුත් බදාදා අරලියගහ මන්දිරයට කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය.   


කවුරුන් හෝ මන්ත්‍රීධුර 113ක් පෙන්වුවහොත් අගමැති ධුරය දීමට තමා සූදානම් බව ඔහු සඳහන් කළේය.

 

 



අදහස් (0)

අස්වෙන්න එපා පොහොට්ටුවෙන් අගමැතිට බලපෑම්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 136 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 76 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 215 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 189 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 667 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2187 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1879 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site