IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


අලුත් සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න

මහ බැංකුවෙන් රජයට නිර්දේශ

(සුජිත් හේවාජුලිගේ)  

රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. එසේම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තාවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර තිබේ. 

රටේ පවතින මූල්‍යමය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි එම බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.  


රටේ රුපියල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යයෙන්ම යොමු විය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් ර​ටේ ආර්ථිකයට ලොකු ගැටලුවක් ඇති නොවනු ඇතැයි ද සඳහන් කරයි. 

 
ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසුව බව දැනගන්න ඇත.  


මේ අතර පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීම වෙනුවට ඒවායින් අධික තීරු බද්දක් අය කිරීමට කටයුතු කරන කරන ලෙසට ද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක් නිර්දේශ කර ඇත.  
සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන් ඇතැම් නිලධාරීන්ට සන්තෝසම් දී භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් රජයට ලොකු ආදායමක් ලබා ගත හැකි වනු ඇති බවත් එම බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.  

 



අදහස් (0)

අලුත් සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 128 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 72 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 214 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 188 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 638 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2140 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1858 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site