වහ කන දේශපාලනය බොස්නියා ක්රෝට් ජාතික 72 හැවිරිදි සොලොබොඩාන් ප්රාල්ජැක් නෙදර්ලන්තයේ හේග් නුවර යුද අපරාධ අධිකරණය තුළදී වස පානය කළ අයුරු. 10 December 2017
මේ දවස්වල ලංකාවේ මොකද වෙන්නේ ? ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී 03 December 2017
“ඇමෙරිකාවේ ජනපතිවරු විපතේදී එක්වෙති” ඇමෙරිකානු ජනාධිපතිවරුන් පිළිවෙළින් වමේ සිට : ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්, බැරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් 12 November 2017
පමාවූ සිනහව ! මේ සුහද සිනානගමින් පිළිසඳරක යෙදෙන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාර්තෘ රෝහන විජේවීර මහතාගේ දියණිය ඊශා විජේවීර මහත්මිය වේ. එදා මෙම දියණියන්ගේ පියවරුන් දෙදෙනාද මෙලෙසම සුහදව සිනාසෙමින් අදහස් හුවමාරු කරගත හැකි වූයේනම් මෙරට දේශපාලනයේ ගමන්මග වෙනස්වීමට ඉඩ තිබිණි. මෙය පමා වූ සිහිනයක් වන්නේ එහෙයිනි. 01 October 2017
රට රැක්ක අය හා රට රකින අය කොළඹ පැවැති ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයකදී මෙසේ එකිනෙකාට ඇඟිලි දිගු කරමින් සිටින්නේ හිටපු හමුදා සෙබළකු හා පොලිස් නිලධාරියෙකි. එකම රට රැුක්ක හා රකිමින් සිටින මේ දෙපිරිසට මෙසේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමට සිදු වූයේ ඇයි? 27 August 2017
අත්හැරීම ! අත්හැරීම පහසු නැත. වඩාත් වටිනා දෙයක් අත්හැරීම කිසිසේත්ම පහසු නැත. විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී නිවෙසට පැමිණෙන විටදී ගත් රවී කරුණානායක මහතාගේ මේ සේයාරුවෙන් කියැවෙන්නේ එය නොවේද? 19 August 2017
”මේ කවුද මොනවද කරන්නේ” ? කොලොන්නාව තෙල් ටැංකි සේවක වැඩ වර්ජනය දා මැර කණ්ඩායමක් තමන්ට පහරදුන් බව වර්ජකයෝ කීහ. ඔවුන් මැරයන් නොවන බවත් ඔවුන් කුපිත වූ ගම් වැසියන් බවත් වගකිවයුත්තෝ කීහ. ප්‍රකාශ දෙකක් හෙයින් නිවැරදි උත්තරය සොයා ගැනීම අසීරුය. ඇත්ත එළිවීමට යම් කාලයක් ගත වෙන බවද ඇත්තය. එතෙක් ඇසීමට තිබෙන්නේ ”මේ කවුද x මෙනවද කරන්නේ?” යනුවෙනි. 14 August 2017
වර්ජන ගර්ජන වර්ජන හා ගර්ජන සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද වර්ජනයේ නිවුන් සොයුරා බවට ගර්ජනය පත්ව තිබේ. වර්ජනය වෘත්තීය අයිතියකි. වර්ජනය හරහා ආරක්ෂවට තර්ජනයක් එල්ල වෙන බව පවසමින් ගර්ජනය එයට ආදේශ වෙයි. එදා සිදුවූයෙත් අද සිදුවන්නේත් එයයි. ක්‍රමය පවතින තුරා වර්ජනය එනු ඇත. ගර්ජනද එනු ඇත. කොලොන්නාව තෙල් සංස්ථාවේ ඉකුත් දා ඇතිවූ වර්ජනය දා ගත් සේයාරුව එයට නිහඬ සාක්ෂියකි. 05 August 2017
ඔළුවෙන් සිටගැනීම ඔළුවෙන් සිට ගැනීමද කලාවකි. එනිසාම ඇතැමෙක් ඔළුවෙන් සිට ගැනීමට රුචියක් දක්වති. ඒ දෙපයෙන් සිටගෙන සිටිනවිට නොපෙනෙන දේ ඔළුවෙන් සිටගත් විට පෙනීමට ඉඩ තිබෙන හෙයිනි. 29 July 2017
වැඳිල්ල වැඳීමට අදාළව විවිධ අරුත් තිබේ. ඇතැමෙක් ගෞරවයට වඳිති. තවකෙක් බියට පත්ව වඳිති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට මෙසේ වැන්ඳේ ‘අනේ මං වෙනුවෙන් නම් ස්ට්‍රයික්’ කරන්න එපා යනුවෙන් කියමිනි. ජනතාවටද වැඳලා ඉල්ලා සිටීමට සිදු වී තිබෙන්නේ ද එයමය. 22 July 2017
අන්තරේ කතන්දරේ අන්තරේ බිහිවූයේ සටන්වලිනි. අන්තරේ පවතින්නෙත් සටන් නිසාය. සටන් නිසා ඉපදී සටන් නිසා ජීවත්වෙන “අන්තරේ කතන්දරේ” කොටස් වශයෙන් අද සිට “දියත” අතිරේකයේ. 15 July 2017
දුම් ගැහිල්ල දේශපාලනයේදී දුම් ඇල්ලිල්ල මිස දුම් ගැහිල්ල සිරිතක් වශයෙන් ප්‍රගුණ නොකරන්නකි. දේශපාලනයේදී තනතුරු, නම්බුනාම, වරප්‍රසාද ලබාගැනීමට නම් දුම් ඇල්ලිය යුතුය. එහෙත් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ කරන්නේ දුම් ඇල්ලිල්ලක් නොව දුම් ගැහිල්ලකි. 08 July 2017
හිස් පුටුව කාගෙද ? රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජයවර්ධන හා වසන්ත සේනානායක යන මහත්වරුන්ගේ මෙම සේයාරුව හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතාගේ 106 වැනි ඡන්ම දින සමරු උළෙලේදී ගන්නා ලද්දකි. 04 July 2017
“බොරුවට නොවේනම් හොඳයි” දේශපාලනඥයා මහජනයාගේ මනාපය ලබා පාර්ලිමේන්තුවට යයි. එතැන් සිට ඔහු නඩත්තු කිරීමේ වගකීම පැවරෙන්නේද මහජනතාවටය. මහ ජනයාගෙන් නඩත්තුවන ඒ මහජන නියෝජිතයා මහ ජනයාගේ දුකට - සැපට පිහිට විය යුතුය. එය ඔහුගේ වගකීමකි. 24 June 2017
ඇමති බර සහ ජීවන බර ගම් වැදුණු ගං වතුරෙන් උන්හිටිගමන් උන්හිටිතැන් අහිමි වුණු කළුතර දිස්ත්‍රික් ජනතාවට සහන සැලසූ මෙහෙයුමකදී මහවැලි සංවර්ධන හා පාරිසරික නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා එක්ව සිටි අයුරු සේයාරුවෙන් දැක්වේ. 17 June 2017
මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති “දේශපාලනයේ සදාකාලික මිතුරන්ද නැත. සතුරන්ද නැත”යි කියමනකි. එහෙත් මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ එයට වෙනස් කතාවකි. ඇමති රවි කරුණානායක මහතා දැරූ මුදල් අමාත්‍යංශය ඔහුගෙන් ගැලවී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතට ගියේය. 14 June 2017
මර්දනය ඇත්තටම දියත් වන්නේ කොතැනින්ද ? සයිටම් ආයතනය ආරම්භ කිරීමේ හෝ වැසීමේ බලයක් පොලීසියට නැත. එහෙත් සයිටම් සටන හැමදාමත් නිමාවන්නේ සයිටම් විරෝධීන් හා පොලීසිය අතර ඇවිළ යන ගැටුමකිනි. 03 June 2017
අහිමි වුණොත් මන්ත්‍රීකම ? “’මිනිසා උපතින්ම දේශපාලන සත්වයකු ” යැයි ඇරිස්ටෝටල් ලියා තැබුවේය. එහෙත් ඒ සෑම මිනිසකුටම දේශපාලනඥයකු වීමේ හැකියාව නැත. දේශපාලනඥයකු වන සෑම මිනිසකුටම වුවද පාර්ලිමේන්තු මන්ත්රීකම් ලැබෙන්නේ නැත. 27 May 2017
සමගිය බලය වේ ! බුදුන් උපත ලද දේශයේ වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදුන් පහස ලද භූමියට පැමිණියේ එක්සත් ජාතීන්ගේ 14 වැනි අන්තර්ජාතික වෙසක් උළෙලට සහභාගිවීමටය. එසේ පැමිණි ගමනේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ එක් වේදිකාවකට ගොඩ වූයේ නෝර්වුඞ් මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවකදීය. 20 May 2017
වැඩ කරන පංතිය සහ වැඩ නොකරන පංතිය මැයි දිනය වැඩ කරන පංතියේ ජනතාවගේ දිනය වේ. නිමක් නැති අරගල මතින් දිනාගත් ජයග්‍රහණ ආශ්වාදයෙන් සැමරීමට අමතරව අහිමි ජයග්‍රහණ සොයා හඹා යාමේ දිරිය, බලය හා ප්‍රඥාව මතු කරගන්නා දිනය බවට ද මැයි දිනය පත්විය යුතුය. 13 May 2017
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025