බිහිසුණු යුද්ධයේ අවසන් දින කිහිපයෙන්...
යුද්ධය නිමාවීමට වසර දෙකකට පමණ පෙර සිට එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත් අර්බුදයකට ගොදුරු වී සිටියේය. එයට හේතුව සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුම විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී සිටීමය. වයස අවුරුදු පනහ පසු කර සිටි ඔවුහු සුවබර නින්දක්, පෝෂ්‍යදායි ආහාරයක් නොලැබීම, කලට වෙලාවට ආහාර නොගැනීම වැනි කාරණා නිසා අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොඳු ඇට පෙළ ආශ්‍රිතව හටගන්නා විවිධ ආබාධයන්ට ලක් වී සිටියහ.