IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මහ ඡන්දෙට විපක්ෂයෙන් සන්ධාන රැසක්

සුජිත් හේවාජුලිගේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මවා ගැනීමේ විශේෂ මෙහෙයුමක්  එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ආරම්භ කරනු ලැබ  ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පොදු සන්ධාන පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් සමග රහසිගත සාකච්ඡාද පසුගිය දිනවල කෙරුණු බව දැනගන්නට ඇත. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් වෙනම කණ්ඩායම් ද පත්කර ඇතැයි පැවසේ. 

පොදු සන්ධානයක් පිහිටුවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙන ලෙස එම පක්ෂයේ නායකයෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සාමාජිකයන්ගෙන් පසුගියදා ඉල්ලීමක්ද කළහ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹා ඇත.  
මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ ගැන සාකච්ඡාවක් පසුගියදා කළ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දිලුම් අමුණුගම ද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්විය. ඔහුට එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයද ඉන් අනතුරුව පිරිනැමිණ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය ජනාධිපතිවරණයේ දී සහාය දීමට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් පසුගියදා සන්ධානයක් පිහිටුවාගනු ලැබීය. පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එම සන්ධානයයි. එම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණය.
පොදුජන එක්සත් නිදහස් පෙරමුණට තවත් පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු කණ්ඩායමක් විසින් මේ දිනවල කටයුතු කරගෙන යනු ලබන බව ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සමග සන්ධානගතවීමට දැනටමත් එකඟත්වය පළකර ඇතැයි ප්‍රසන්න රණතුංග පැවසීය.
මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ විය යුතු බව සමගි ජන බලවේගයේ සාමාජිකයන් රැසක් එහි නායකත්වයට පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඊට තවමත් එකඟත්වයක් දක්වා නැත.

 



අදහස් (0)

මහ ඡන්දෙට විපක්ෂයෙන් සන්ධාන රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 490 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site