ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයෝ පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළහ.
ඇමෙරිකාව ලබා දී ඇති මාස තුනක සහන කාලයේ දී මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට රජයට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට විපක්ෂයේ සියලු පක්ෂ මෙහිදී එකඟ වූ අතර - දේශපාලන වේදිකාවල කෙබඳු අදහස් දැරුව ද මෙම අර්බුදයේ දී සියලු දෙනා එකතු වීම වැදගත් සිදුවීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.
ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කළේය.
අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා රජයට අවශ්‍ය ඕනෑම ආකාරයක සහයෝගයක් ලබා දීමට තම පක්ෂය සූදානම් බවයි.
පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.
පැය එක හමාරකට වැඩි කාලයක් පැවති මේ සාකච්ඡාව ඉතාම සුහද මට්ටමින් පැවති අතර, කාලයකට පසු රටේ ප්‍රධාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සියලු පක්ෂ එක්ව තීරණයක් ගැනීම ඉදිරි අර්බුදවල දී ද ඉතා හොඳ ප්‍රවේශයක් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
ජනාධිපතිවරයා මුණ ගැසී ඇති වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
383
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ගේ බද්දට එරෙහිට සියලු පක්ෂ එක්වෙති