IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජනපති - මැති ඇමැති විශ්‍රාම වැටුප් අහෝසිය ගැන 225 ම ගොළුයි

 

  • 2021 අයවැය යෝජනාව සම්මත වුණත් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුව උනන්දු නැහැ

අජන්ත කුමාර අගලකඩ

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වසරේ අයවැයෙන් සම්මත කර ඇතත්, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් මෙතෙක් සම්මත කර නොගැනීම හේතුවෙන්, එය හුදු අයවැය යෝජනාවක් පමණක් බවට පත්ව ඇත. 

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනාවලියට මෙම යෝජනාව ද ඇතුළත් ව තිබිණි.
යෝජනාව සම්මත කර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් සකස් කර පාර්ලිමේන්තුවේ  සම්මත කර නොගැනීමෙන්, එය තවත් හුදු අයවැය යෝජනාවක් පමණක් වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


ජනාධිපතිවරයකු මාස දෙක තුනක් හෝ වසර දෙක තුනක් ජනාධිපති ධුරය හොබවා විශ්‍රාම ගියද, ඔහුට සහ ඔහුගේ ඇවෑමෙන් සිය බිරියට විශ්‍රාම වැටුප ඇතුළු පහසුකම් සැපයෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසර 5 සම්පූර්ණ වීමෙන් පසුව, පවතින ව්‍යවස්ථාමය  ප්‍රතිපාදන අනුව, විශ්‍රාම වැටුප් හිමි වෙයි.


2021 අයවැයෙන් යෝජනා කරන ලද පරිදි, ජනාධිපතිවරයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර 5ක් සම්පූර්ණ කළ යුතු අතර, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපට හිමිකම් කීමට වසර දහයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු වේ.


ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි  කරන්නේ නම්, ජනාධිපති වරප්‍රසාද පනත ද මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නම්, මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ පනත ද සංශෝධනය කළ යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.  


කෙසේ වුවද මෙම අයවැය යෝජනාවට අවශ්‍ය අණපනත් සහ රෙගුලාසි සම්මත කර ගැනීම සම්බන්ධයෙන් යෝජනාව ගෙනා මුදල් ඇමතිවරයා හෝ වර්තමාන මුදල් ඇමැතිවරයා මෙතෙක් උත්සාහයක් ගෙන නොමැති වීමත් මන්ත්‍රීවරු එය අමතක කර තිබීමත් විශේෂත්වයකි.

 



අදහස් (0)

ජනපති - මැති ඇමැති විශ්‍රාම වැටුප් අහෝසිය ගැන 225 ම ගොළුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 367 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site