
දුමින්ද සංජීව බාලසූරිය
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව නිකුත්කළ වාර්තා වැඩසටහනට එරෙහිව වහාම නිසි නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ විද්‍යුත් නාලිකා නියාමන ආයතනය වෙත සිය නීතිඥයන් මාර්ගයෙන් ලිඛිතව පැමිණිලි කිරීමට රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ කටයුතු කර තිබේ.
ස්විට්සර්ලන්තයේ සුරිච් සරණාගත කඳවුරේ රැඳී සිටිමින් එහි සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින මුහම්මදු මිල්හාර් මුහම්මදු හන්සීර් හෙවත් අසාද් මවුලානාගේ ප්‍රකාශයන් පාදක කරගෙන එල්ලකරන අසත්‍ය චෝදනා නිසා රාජ්‍ය නිලධාරියකු වන තමන්ගේ කීර්ති නාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත්, ඒ නිසා අදාළ වාර්තා වැඩසටහන විකාශය කළ චැනල් ෆෝ නාලිකාවට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසත් එමගින් ඉල්ලා තිබේ.
රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේගේ පැමිණිල්ල බ්‍රිතාන්‍යයේ විද්‍යුත් නාලිකා නියාමන ආයතනය විසින් පිළිගෙන ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වන තොරතුරු කඩිනමින් ඔවුන් වෙත ලබාදෙන ලෙස රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වෙත දැනුම් දී තිබේ.
චැනල් ෆෝ නාලිකාව විසින් අදාළ වාර්තා වැඩසටහන තුළින් එල්ලකරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවත්, අදාළ සිදුවීම් වූ බව කියන කාල සීමාවේදී තමන් ශ්‍රීලංකාවේ රැඳී නොසිටි බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සිය නීතිඥයන් මාර්ගයෙන් මීට පෙර ද චැනල් ෆෝ නාලිකාවට ද ලිඛිතව දැනුම් දී තිබිණ.
මේ අතර චැනල් ෆෝ නාලිකාවට හා අසාද් මවුලානා නමැත්තාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් කරුණු සොයාබලමින් සිටින බවට ‘ඉරිදා ලංකාදීපයට‘ වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චැනල් ෆෝට එරෙහිව සලේ සටනට