IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇමති - රාජ්‍ය ඇමති හැප්පිල්ල දරුණු වෙයි

අජන්ත කුමාර අගලකඩ

ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශවල විෂය පථයන් හා ආයතන රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීම හේතුවෙන්, බරපතළ ගැටලු‍වක් මතුව ඇති බැවින්, තමන්ට ද විෂය පථයන් ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර ඇත.

පොහොට්ටුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් විසි දෙනකු පමණ ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ එක්තරා රාජ්‍ය  අමාත්‍යවරයකුගේ කාර්යාලයක දී රැස් වී ඇති අතර, මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.


ජනාධිපතිවරයා යටතේ පවතින  අමාත්‍යාංශවල කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු ද ඊට සහභාගී වී ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනවල කටයුතු තමන්  හොඳින් කරගෙන යන බැවින්, එම අමාත්‍යාංශවල විෂය පථයන් වෙනම ගැසට් කිරීමක් අවශ්‍ය නොවන බවය.


එසේ වුවද. අනෙකුත් රාජ්‍ය අමාත්‍යවරුන් සියලු‍ දෙනාම පාහේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට විෂයපථයන් වෙන් කර ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස හා රාජ්‍ය අමාත්‍යංශවලට ද ලේකම්වරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බවය.


වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු සහ රාජ්‍ය ඇමති  ඩයනා ගමගේ, යන කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර බලතල සම්බන්ධ ගැටුම මේ වන විට කරළියට පැමිණ ඇති අතර, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ, වරාය අමාත්‍යාංශයේ කිසිදු කටයුත්තකට තමා සම්බන්ධ කර නොගන්නා බවය. තමාට අමාත්‍යංශය තුළ  කිසිදු කාර්යභාරයක් පවරා නැති බවත්, අඩුම තරමින් වරායේ පැවැත්වෙන උත්සවයකට හෝ තමන්ට ආරාධනා නොකරන බවත් ඔහු එහිදී පවසා ඇත


ප්‍රේමලාල්  ජයසේකර සහ ඩයනා ගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශයේ  කටයුතු කරගෙන යාමට කැබිනට් අමාත්‍යවරුන්ගෙන්  සහායක් නොලැබෙන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අතර, එසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන රාජ්‍ය ඇමතිවරුන් ගණනාවක් ද සිටින බව දැනගන්නට ඇත.


මේ තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් රාජ්‍ය අමාත්‍යවරුන්ට ද ආයතන සහ විෂය පථයන් වෙනම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට රාජ්‍ය ඇමතිවරුන් තීරණය කර ඇත.

 



අදහස් (0)

ඇමති - රාජ්‍ය ඇමති හැප්පිල්ල දරුණු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site