අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායම් 8ක් නාමයෝජනා බාර දුන් බව රත්නපුර දිස්ත‍්‍රික් සහකාර තේරීම්බාර නිලධාරි සුරංග අඹගස්තැන්න මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, එක්සත් ප‍්‍රගතිශීලී සංධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ ලිබරල් පක්‍ෂය යන පක්‍ෂ ද ස්වාධීන කණ්ඩායම් අටක් නාමයෝජනා බාරදුන්හ.
රත්නපුර මහ නගර සභාව, ඇඹිලිපිටිය සහ බළන්ගොඩ නගර සභා දෙක, ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, අයගම, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල, වැලිගෙපොල, ඉඹුල්පේ, කහවත්ත, ගොඩකවෙල, ඇඹිලිපිටිය, කොලොන්න යන පළාත් පාලන අයත්න වලට මෙසේ නාමයෝජනා බාර දී ඇත.
එක්සත් වාමාංශික පෙරමුණ නිවිතිගල ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්‍ෂෙප විය. ලිබරල් පක්‍ෂය ඇහැලියගොඩට ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රයේ නම් දෙකක් ප‍්‍රතික්‍ෂෙප විය. කොලොන්න ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත‍්‍රයේ නම් හයක් ප‍්‍රතික්‍ෂෙප වු බව ද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ය.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රත්නපුරේට පක්‍ෂ 8 ක් ස්වාධීන ව 8 ක් සටන් වදිති