(විනීතා එම් ගමගේ)
මහජන නියෝජිතයෙකු වීමට කිසිසේත්ම නුසුදුසු දූෂීත අපේක්ෂකයන් 50 දෙනෙකු පිළිබඳ තොරතුරු මාර්තු 12 ව්‍යාපාරය සතුව ඇතැයි එම ව්‍යාපාරය කියයි.
ස්ත‍්‍රී දූෂකයෙක්, මිනී මැරුම් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් හයදෙනෙක්, මුදල් වංචාකරුවන් 14 දෙනෙක්, පාතාල නායකයන් පස්දෙනෙක්, නීති විරෝධී මත්පැන් කසිප්පු ජාවාරම් හා සූදු අන්තුවන් 14 දෙනෙක්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ 06 දෙනෙක් හා දැව ජාවාරම් කරුවන් හතර දෙනෙක් මේ අතර සිටින බව මාර්තු 12 ව්‍යාපාරය අද(16) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි කැඳවුම්කරු සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
මොවුන් අතර ප‍්‍රධාන පක්ෂ හතරටම අයත් පුද්ගලයින් සිටින බව ද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය කෙලින්ම පාර්ලිමේන්තු යවන්න. පළාත් සභා වලට සුදුසු නැහැ.
කරුණාකර මේ පුද්ගලයින්ගේ නම් සහ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂ මොනවාද කියා ප්‍රසිද්ධ කරන්න.
මේ අයට නොවෙයි, ගහන්න තියෙන්නේ මේ අයට නොමිනේෂන් දුන්නු පක්ෂ නායකයින්ටයි.
මේ වෘත්තීය සුදුසුකම් වුණත් හොඳටම ඇති දියවන්නාවට යන්න. ප්‍රාදේශීය සභාවලට අවම සුදුසුකම්වලින්ම තෝරමු.
බොරු වැඩ හොයාගෙන විතරක් හරිද ??
ප්‍රධාන පක්ෂ 4 න්ම කිව්වෙ jvp එකෙනුත් එවැනි අයව ඉදිරිපත් කරල තියනවද ?