(තුසිත කුමාර ද සිල්වා)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අතහැර නගර සභාව නියෝජනය කිරීමට ‘‘හාවා’’ සලකුණින් යුත් ස්වාධීන කණ්ඩායමක නායකත්වය ගෙන ඉදිරිපත් වන බව බේරුවල නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් වසර 18ක් නගරාධිපතිවරයකු මෙන්ම විපක්‍ෂ නායක ධූරයේ ද කටයුතු කළ මසාහිම් මොහමඩ් මහතා අද(14) පැවසීය.
හිටපු කතානායකවරයෙකු වූ දිංවගත බාකිර් මාකර් මහතාගේ බෑණා මෙන්ම හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ මස්සිනාවූ බේරුවල නගර සභාවේ හිටපු නගරාධිපති මසාහිම් මොහමඩ් මහතා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ සිට බේරුවල ප‍්‍රදේශයේ සිටි ප‍්‍රබල මහජන නියෝජිතයෙකි.
පසුගිය රජයේ හිටපු ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ බේරුවල නගර සභාවේ උප නගරාධිපතිවරයෙකු වූ සජිත් දේවප‍්‍රිය සහ නගර සභික උවයිස් පස්මි යන මහත්වරුන්ද තමා සමග එක්ව කටයුතු කරන අතර එවකට එජාප ය නියෝජනය කළ නගර සභික මොහමඞ් අර්ෆත් ජව්ෆර් මහතාද එජාපයෙන් ඉවත්ව තමා සමග එක්වූ බව කියා සිටියේය.
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
930
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බේරුවල හිටපු අලියෙක් හාවාගේ පිහිට පතයි
Ruwan Thursday, 14 December 2017 07:41 AM
මේ පුද්ගලයා තමයි විල්පත්තුවේ වනසතුන් දඩයමේ ගිහින් මහින්දගේ කාලේ අල්ලලා නිදහස් කලේ. දැන් එකට කෘතගුණ සලකන්න මේ පාර ස්වාධීනව (පොහොට්ටුවේ ආශීර්වාදයෙන්) නොහොත් පොහොට්ටුව තරග නොකරන බැවින් පෙරට එන්න හදන්නේ. ඡන්දෙ ඉල්ලලන්නකෝ ගමේ ඉන්න පිරිස වැඩ නොකරට මෙවර සලකන්න බලාගෙනයි ඉන්නේ.