(උපාලි ආනන්ද)
නීතිඥ බිරිදගේ නම මෙවර පලාත් පාලන මැතිවරණයට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට ඇතුලත් කර තිබීම හේතුවෙන් එම නීතිඥවරියගේ පොලිස් ස්ථානාධිපති සැමියාට වහාම ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සිට හලාවත පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරුව ක‍්‍රියාත්මක කර ඇත.
මෙලෙස හලාවත පොලිස් කොට්ඨාසයට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත්තේ අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතායි.
ඔහුගේ බිරිද වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම මෙවර පලාත් පාලන මැතිවරණයට අනුරාධපුර මහ නගර සභාවේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අතිරේක ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසමට අපගේ ප්‍රණාමය.
පොලිස්පතිතුමාගේ අවධානය පිණිසයි. මේ පුවතට අනුව මෙම පොලිස් ස්ථානාධිපතිතුමාගේ ස්ථාන මාරුව දේශපාලන පලිගැනීමක් ලෙස අර්ථ කථනය කරනවාද? නැතිනම් මෙය සාමාන්‍ය රෙගුලාසි සහ චක්‍ර ලේඛනයන්ට අනුව සිදුවූ ස්ථාන මාරුවක් ලෙස අර්ථ කථනය කරනවාද? සත්‍යය දන්නේ පොලිස්පතිතුමා සහ මෙම සිදුවීමට මුහුණදුන් පාර්ශවය පමණි. එයට අමතරව මෙය මාධ්‍යයට වාර්තාකළ ජනමාධ්‍යවේදියාද යමක් දතයුතුයි. දේශපාලන බල පුළුවන්කාරකම් සහ පළිගැනීම්වලට නිරන්තරයෙන් රජයේ සේවකයන් මුහුණ දෙන බව ඉතිහාසගත සත්‍යයක්. නව රජයක් පත්වෙන සෑමවිටම දේශපාලන පලිගැනීමක් ලෙස මෙම ස්ථානමාරු ක්‍රීඩාව පටන්ගන්නවා. තමන් කැමති දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ඡන්දය දීම සහ ඒ පක්ෂය වෙනුවෙන් සක්‍රීයව දේශපාලන කටයුතුවල යෙදීම රජයේ සේවයේ නියුතු ඕනෑම පුරවැසියෙකුගේ මූලික මිනිස් අයිතියක් නොවේද? මෙම ස්ථානාධිපතිතුමාගේ ස්ථාන මාරුවට එතුමාගේ නීතිඥ බිරිඳගේ නම මෙවර පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට ඇතුලත් කර තිබීම හේතුවක් වී තිබේනම් පොලිස්පතිතුමනි, එය ඇත්තටම දේශපාලන බලපෑමක් හෝ පලිගැනීමක් නොවේද?
පොලිස්පතිතුමනි, එකිනෙකාගේ දේශපාලන අවශ්‍යතා හා න්‍යාය පත්‍ර වෙනුවෙන් පෙනී සිටීම ඔබතුමාගේ රාජකාරිය නම් එය ඉතාම පිළිකුල් සහගතය. ඔබතුමා කැමති දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටින්න. ඔබතුමාගේ දේශපාලනය ඔබතුමා කැමති විදියට කරන්න. නමුත් ඔබතුමාගේ රාජකාරියට ඔබතුමාගේ දේශපාලන මතය සම්බන්ධ කර නොගන්න. පොලිස් නිලධාරීන්ට ඒ සඳහා අයුතු බලපෑම් නොකරන්න. ඒ සඳහා ඔවුන්ව දඩමීමා කර නොගන්න. කිසිලෙසකත් තම වෘත්තීය ගරුත්වය දේශපාලකයන්ගේ අවශ්‍යතා මත විනාශ කරගන්න එපා. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ අයිතීන් සුරකින්න. මෙම ස්ථාන මාරුවේ කිසිම දේශපාලන සම්බන්ධයක් නොමැතිනම් එය නොබියව මාධ්‍යයට ප්‍රකාශ කරන්න. එය ඉතාම ගරුත්වයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය පිලිබඳ කුමන පුරසාරම් දෙඩූවද පොලිසිය දේශපාලනීකරණයට ලක්වූයේ අද ඊයේ නොවේ. ඇතැම් දේශපාලකයින්ට කඩේයන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අහෝසිවීම පමණක් නෙමෙයි... නියමිත කාල වකවානුවේදී සිදුවිය යුතු ස්ථාන මාරුවීම් සිදු නොවන්නේද දේශපාලන බලපුළුවන්කාරකමට සහ පොලිසියේ ඉහළම නිලධාරීන්ගේද අනුදැනුමද ඇතුවයි.
පොලිසියේ උසස්වීම් සහ ස්ථාන මාරුවීම් සියල්ල සිදුවන්නේ අක්‍රමිකතාවයකින් තොරවද? මම දන්නා හඳුනන ඇතැම් බොහෝ පොලිස් නිලධාරීන් තම වෘත්තිය තුල බොහෝ අසාධාරණයන්ට ලක්ව කලකිරීමෙන් යුතුව තම රැකියාව කරගෙන යනවා. ඔබතුමා පොදු ජනතාවගේ සහ රටේ සාමය ආරක්ෂා කිරීමට පෙර තම දෙපාර්තෙම්න්තුවේ නිලධාරීන්ට සිදුව ඇති අක්‍රමිකතා නැවැත්වීමට කටයුතු කරන්න. උසස්වීම් සහ ස්ථානමාරුවීම් ලබාදීමේදී එය සාධාරණ හා නිවැරදි ක්‍රමවේදයකට සිදුවෙනවා නම් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ කෙලෙසද? රටේ පවතින නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක නොවන බව අපි දනිමු. අඩුම තරමේ ඔබේ දෙපර්තමේන්තුවේ නිලධාරීන්ටවවත් ඔබේ ආයතනය තුල සාධාරණය ගොඩ නගන්න. පොලිස් නිලධාරියෙකු අතින් කතරගමදී සිදුවූ වෙඩි තැබීම පිළිබඳ ඔබතුමා කල ප්‍රකාශය මෙන් මෙම ස්ථාන මාරුව පිළිබඳවත් තවත් බොරුවක් අහන්න අපි සැදී පැහැදී සිටින්නෙමු. තම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය රකින්න තමන්ට හිතට එන බොරුවක් ජනමාධ්‍යයට කියන පුරුද්ද එතරම් සුදුසු නොවන බවත් අපේ රටේ සිටින පොදු ජනතාව ඉස්සරට වඩා දියුණු පරිකල්පන ශක්තියකින් හා විචාර බුද්ධියකින් යුක්ත බව ඔබතුමාට ඉතා ඕනෑකමින් මතක් කරන්නෙමි.
මේ අයගේ නම් මෙහෙම පත්තරේ දැමීම නිසා ඔවුන්ට නොමිලේම අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවනේ. ඒක මැතිවරණ නීති උල්ලංඝනයක් නෙමෙයිද?
මේ වගේ අයගෙන් මහජනතාවට කෙසේ සේවයක් වේවිද හම්බකිරීමේ චේතනාව මිස සමාජයට වැඩ දායක නොවේ.
වෙන මැතිවරණ වලට සාපේක්ෂව මේ මැතිවරණයේදී නීති ගොඩක්දුරට ක්‍රියාත්මක වෙන බවක් පේනවා. මේක දිගටම පැවතුනොත් අපේ රටේ ලොකු වෙනසක් වෙයි තව අවුරුදු 10කින් 15න් වගේ.