IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිදහස් සේවක සංගමයට යහපාලන රජය එපාවෙයි

(විනීතා එම් ගමගේ)
 
යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලකර කියා සිටීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවැසීය.

පවතින දේශපාලන වාතාවරණය අනුව පක්ෂයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතිතැයි පෙනී යන බවත් ඊට ප‍්‍රධාන හේතුව යහපාලන ආණ්ඩුව ගැන ජනතාවගේ ඇති කළකිරීම බවත් පෙනී යන බැවින් විධායක සභාවේ දී මෙම යෝජනාව සම්මත කර ගෙන ඇතැයි ද දේවේන්ද්‍ර මහතා පැවැසීය. 

මේ තත්ත්වය යටතේ හානිය සිදුවන්නේ පක්ෂයට යැයි ද හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කළේය.

ඉදිරි දෙවසර ආණ්ඩුවෙන් ඉවත් වී කැමති කෙනෙකුට ආණ්ඩුව කරගෙන යන්නට ඉඩ දෙන්නැයි තම සංගමය පක්ෂයේ ඉහළට යෝජනා කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය. 

මේ පිළිබඳව පක්ෂයේ ප‍්‍රතිචාර දෙස බලා ඉදිරි තීරණ ගන්නා බවත් පක්ෂයේ හෙට දවස වෙනුවෙන් දැඩි තීරණ ගන්නට වුවද නොපැකිළෙන බවත් දේවේන්ද්‍ර මහතා පැවැසීය.



අදහස් (3)

නිදහස් සේවක සංගමයට යහපාලන රජය එපාවෙයි

Aluthgama A Samathasena. Friday, 02 March 2018 04:59 PM

මේකනේ මහත්තයෝ, වරද තියෙන්නේ රජයේ නොවෙයි. ඔබතුමාගේ පක්ෂයේ ඉහලම සිට පහලට යනකන් ඉන්න අයගේ අනවශ්‍ය කතා නිසා තමයි ඡන්ද නොවැටුණේ.

:       0       17

Chandra Saturday, 03 March 2018 04:55 AM

දූෂණ, වංචා බල බලා වාසි තකා හිටිය කට්ටියට අවශ්‍ය වන්නේ මුදල් පමණයි. රටෙන් වැඩක් නැහැ. දැන් මේ කරන්නේ රඟපෑමක්... ආයේ පරණ ක්‍රමයට යන්න. පරණ වංචා වහන්න ජනතාව නොමග යවනවා.

:       1       203

රන්ජන්Saturday, 03 March 2018 08:29 AM

මේ ලෙස්ලි මැතිතුමා අතපය හතරම, හතර පැත්තේ තියාගෙන ඉන්නේ... ලොකු කයිවාරු ගැහුවට මෙයා තවම ජනපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්... ලෝක කම්කරු සංවිධානයෙන් මොහුව පසුගිය 2017 ජුනිවලදී කම්කරු නියෝජිතයකු ලෙස පිළිගත නොහැකි පුද්ගලයකු ලෙස නිල වශයෙන් නම්කලා. මෙයා නිසා රටට විශාල අපකීර්තියක් වුණා. මෙයාගේ ඔක්කොම සෙල්ලම්, මොන පන්දම අල්ලලා හරි නහින දෙහින කාලේවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගලා මන්ත්‍රී හැටියට නිවන් දකින්නයි. බලපෙරේතකම පැත්තකට විසි කරලා ඔය සමිති තනතුර තරුණ පුද්ගලයකුට බාරදෙන්න දැන් කාලේ හරි මහත්තයෝ...!!!

:       61       453

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site