(උපාලි රණවීර)
දොම්පේ ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂක නිමල් ධර්මදාස මහතාගේ දංගල්ල පක්ෂ කාර්යයාලයේ කටවුට් කඩා ගිනිතැබීම සම්බන්ධයෙන් පුගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අද(21) අලුයම මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර එයට විරෝධය පළ කිරීම සදහා පක්ෂ ක්‍රියාකාරීහු අද පෙරවරුවේදී එම කාර්යාලය අසල විරෝධතාවයකද නිරත වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදාපාර හැමෝටම අභියෝගයක් වෙලා තියෙන්නේ ජ.වි.පෙ. ඒ නිසයි හැම පැත්තෙන්ම හිරිහැර වලට ලක් වෙන්න වෙලා තියෙන්නේ. ජ.වි.පෙ.ට බලය ලැබුණොත් හොරුන්ට යන එන මං නැති වෙන බව දන්නවා. සියළු බාධක මැද නොසැලී ජයග්‍රහණය තෙක් සටන් වදින්න ශක්තිය ලැබේවා. !!!
මේ පුවත කියවා ඇත්තේ (මේ ප්‍රතිචාරය දමන විට) 128කි. ජවිපෙට කඩේ යන්නන් 218ක් ලෙස අදහසට කැමති බව ප්‍රකාශ කර ඇත. ඒ සමහර විට ජවිපෙට හැඳුනුම්පත් දුන් අය විය හැක.
කවුරු කවුරුත් ජ.වි.පෙ පරණ කුණු අවුස්ස අවුස්ස හිටියට. නිකමට කල්පනා කරාද. අවුරුදු 70ක් රට පාලනය කරපු පක්ෂ දෙක. මෙතෙක් කල් අනික් රටවලට සාපේක්ෂව ලංකාවට මොකද කලේ. රුපියල් කෝටි දසලක්ෂයක් අපිව ණය කරලා. ණය ගෙවන්න අාදායම් මාර්ග හදලද නෑ. යුද්දේ ඉවර කරාට යුද්ධයක් පටන් ගන්න පසුබිම හැදුවේ කවුද? එයාලා නිර්මාණය කරපු යුද්ධෙ මේ රටේ භාගයක් විනාශ කරලා එයාලම ඉවර කරා. යුද්ධයෙ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න. කවුරුත් රැවටෙන්න එපා කොළඹ තියන ගොඩනැගිලි. හදපු වරායවල්. ගුවන් තොටුපලවල් අපේ කියලා. ලංකා භූමියේ තිබුනට එ්වා වෙන අයට අයිති හා අයිති වීමට නියමිත. අපි එ්වට කඹුරන සේවකයෝ විතරයි. එ්ක සංවර්ධනයක් නෙමේ.
ලංකාදීප පුවත්පතේ ලිපි ගැන අපිට අදහස් දක්වන්න අවස්ථාව දීල තියෙන එකට ස්තුති කරන අතරේම තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් ඉක්මනට හදාගන්න. ප්‍රධානම දේ, අදහසකට සීමාවකින් තොරව කැමැත්ත/අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් එක.