‘ අතව්‍යශ සේවා සඳහා පමණක් නිවසින් බැහැර වෙනවානම් තත්ත්වය ඉක්මනින් පාලනය කළ හැකියි‘
ප්‍රංශය ඇතුලු ඇතැම් රටවල මෙන් වෛද්‍ය ප්‍රතිකාර හා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ජනතාව නිවසින් බැහැර වන පරිදි ආණ්ඩුව තත්ත්වය කළමණාකරණය කරන්නේ නම් සති හතරත් හයත් අතර කාලයකදි කොරෝනා තත්ත්වයෙන් සම්පුර්ණයෙන්ම රට මුදාගත හැකි බව ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා අද (15) පැවසීය.